Pages

Wednesday 8 September 2010

දෛවයෝගයකින්........

ජීවිතය මග හැරුණා
ඇවිත් යන්න තිබුණා
සුන්දරම කාළය ගෙවී ගිහින්
අපේ පැතුම් ලොව.......
මතක‍ය රිදුම් දෙනවා
ඇයි හදවත නවතින්නේ නැත්තේ
හෙටත් ජීවිත‍ය තියෙනවා
හිරු සදු තරු යට
අපි යළි යමුවෙමු
දෛවයෝගයකින්........

Thursday 5 August 2010

ආයෙත් ක‍වදාද එන්නේ

මේ නිශාන්තයයි
එන්න අපි ඇවිද යමු
රොබරෙසියා මල් මාව‍තේ
මල් තුහින වැස්සේ තෙමෙන්න
ඇවිත් මා ළග නවතින්න
මුමුණන්න ආදරයෙන්
ඈත ඉදන් එන සමනලුන් ගැන
ඈතින් පේන හන්තාන කදු‍වැටිය ගැන
අපේ ආදරය වගේ ගලන ම‍හවැලිය ගැන
කියන්න මට
ආයෙත් ක‍වදාද එන්නේ.............

Thursday 20 May 2010

අහස වගේ මව් සෙනෙහස

රෑ දහවල්
දුක් කදුළැල්
පොළවට හෙලුවයි
අම්මා....
ඒ කදුළින්
මුලු ලෝකය
පිරුණයි සිසිලෙන්
පෙම්මා....
අහස වගේ
මව් සෙනෙහස
නැත නිම්මා....
සිත් පිත් නැති
දරුවනි ඇයි
මහ මග තනි කළෙ
අම්මා...

....
මට තනි නැත
දුවනි පුතුනි
දුක් සංකා
මම දනිමි....
කුසගිනි
උණුසුම සීතල
එදා මෙන්ම
අද විදිමි....
මව් පිය සෙනෙහස
නොදැන
නුඹ යන මාවත
දනිමි....
ඒ මග
ගිනි දැල් නිවන්න
මම අද
කදුලැල් සලමි....

(පද්මේගේ සටහනකි)

Wednesday 28 April 2010

ඔබට මට හමුවුන සැබැ මිනිසෙක්


ඔබේත් මගේත් හදවතේ ගැඹුරුම තැන දිනාගත් හදවතට මෙන්ම මනසට කතා කළ යුගයේ සංගීතවේදියා, ගුණදාස කපුගේ.....
මා ගීටාරය අත් තබන්නට කලියෙන් වයලීනයට පෙම්බැන්දෙකි, සාමන්‍යය පෙළ තෙක් මා සංගීතය විශයයක් ලෙස හාදරන ලදී එහිදි ප්‍රායෝගික වාද්‍යය භාණ්ඩය ලෙස වයලීනය වයන්නට පුරුදු වුනෙමි. මා එවකට වයලීනය හැදැරුවේ ගුණදාස කපුගේ ශූරීන් හා සම කාලීන සංගීතආචර්යවරියකගෙනි, ඇය ඔහු ගැන තබන මතකය ඉතාම සංවේදිය, ඒ ඔහු තුළ වු මිනිස්කම පිළිබදවයි,


අට දෙනෙකු සමන්විත වු පවුලේ දෙවෙනියා ලෙස කපුගේ වර්ශ 1945 අගෝස්තු මස 7 වෙනි දින ගාල්ලේදී උපත ලබන්නාහ. ඔහු 5 වසර තෙක් ඒරමුල්ල කණිශ්ඨ විද්‍යයාලයටත් එතැන් පටන් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යයාලයටත් පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යයාලයටත් ‍ඇතුලත්ව අධ්‍යයාපනය ලබා ගෙන ඇත, බොහෝ අයට තම මූලික අධ්‍යයාපනය හදාරන පාසල් අමතක වන යුගයක ඔහු කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යයාලයට ආධාර පිණිස එහි ප්‍රසංග කීපයක් පැවැත්වු බව මට මතකයි. අදටත් එම ප්‍රදේශයේ ඔහුගේ මිනිස් හඩ රැව් දෙනවා, ඒ ඔහු තබා ගිය මතකයයි. කපුගේයන් සංගීතය පිළිබද උසස් අධ්‍යයාපනය භාරත දේශයෙන් ලබාගෙන එය සම්පූර්ණ කර හැටේ දශකයේදි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ශබ්ද පරිපාලකවරයෙකු ලෙස සම්බන්ධ වෙනවා. ඔහු කෙතරම් වියත්ද යනු වරෙක පැවසුවේ “තමා සංගීත විශෘරද උපාධිය ලබාගන්නා තෙක් ගීත ගායනය නොකරන බවයි” ඔහුගේ වු අනන්‍යය ස්වර භාවිතය මෙන්ම මිනිස් සිත අවදිකරන කටහඩ නිසා එවකට A ශ්‍රේණියේ ගායකයකු ලෙස පත්වීම ලැබීමටද සමත් වෙනවා. ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයක් වු ඒ කාළවකවානුව කපුගේටත් තම සංගීත ස්වරයෙන් මිනිස් හදවත් ආමන්ත්‍රණය කිරීමේ භාග්‍ය ලැබෙනවා, අප අදටත් රසවිදින ප්‍රියානන්ද විජේසුන්දර විසින් රචිත කපුගේ විසින් සංගීතවත් කළ “දෑස නිලුපුල් තෙමා” ගීතය ඔහු විසින් බිහිකළ පළමු ගීතයයි, එතැන් පටන් හරවත් සංවේදී ගීත රාශියක් ඔහු අපවෙනුවෙන් ගැයුවා, නිර්මාණදායකත්වය ලබාදුන්නා, 1980 දී “දම් පාටින ලා සද බැස යනවා”, 1981 ”සීතල සද එළියේ ”, 1983 “උන්මාද සිතුවම්”, 1985 “මාවතේ ගීතය”, 1990 “පිය සටහන්” ඔහු විසින් එළිදක්වනු ලැබු කැසට් අතර වුනා, ඒ අතර 1990 ආරම්භ කළ කම්පන ඒක පුද්ගල ගී ප්‍රසංගය අප අදටත් සිහි කරනුයේ එහි වූ හරවත් ගීත සමුච්ච‍ය නිසයි, ඒතරමට ඔහු මිනිසුන් අතර ගැවසුනා. 

සිනාමාවට මෙන්ම වේදිකා නාට්ට්‍ය වූවෙන් ඔහු එවකට සංගීත අධ්‍යක්ෂණයෙන් පවා දායක්ත්වය ලබා දී තිබුනා ඔබ අප කවුරුත් රසවිදි ලූෂන් බුලත්සිංහලයන් විසින් නිර්මාණවු “තාරාවෝ ඉගිලෙති” හි සංගීතයද කපුගේ විසින් නිමවූවක්. ගුවන් විදිලියේම උසස් වීම් ලද ඔහුට පසුව එහි සේවය තහනම් වුනා එසමගින් රැකියාවද අහිමිව පොලිස් අත්අඩංගුවටද පත්වෙනවා. පසුව ඔහුට රජරට සේවයට පත්වීමක් ලැබ අනුරපුරයට යන්නේ එහි සංගීත අංශය නංවාලීමට වූ අධීෂ්ඨානයද පෙර දැරිවයි. රජරට මිනිසුන්ට ගීතයෙන් ඇමතු ඔහු අතින් එවකට බිහිවු ගීත අතර "උලලේනෝ' හා "අයියන්ඩියේ" ගීත බෙහෙවින් සමාජ භූමිකාව පිළිඹිබු කරන‍ සේම එම ගීත ජනතාව අතර ‍බෙහෙවින් ජනප්‍රිය වෙනවා. 80 දශකයේ අග භාගයේ නැවතත් වැඩ තහනමට ලක්වන ඔහු එහිනුත් නොනවැති තම මෙහෙවර ඉටු කිරීමට සමත් වෙනවා, එහිදී ඔහු ගැයු “සබද අපි කදු නොවෙමු” ගීතය අතිශයින් ජනතාව වැළද ගන්නවා එවකට පැවති දේශපාලන පසුබිම තුළ මේ ගීතය තහනම් වෙනවා පසුව එය හා යමින් එම තනුවටම බිහිවෙන මා වඩාත් ප්‍රිය කරන ගීතයක් වු “සොදුර නුඹ ලිහිනියෙකි” ගීතය නිර්මාණය වෙනවා. මේ අවධියේම නිර්මාණ‍ය වන රඹුක්කන සිද්ධාර්ථ හිමි විසින් රචිත "පිහිටක් නැති සරණක් නැති" ගීත‍ය අපට අදටත් කියාදෙන්නේ ජීවිතේ තනිවුනු දිනෙක ධර්මය අප සොයා යන බව‍යි.

දුක හාදු දෙන රැයේ (සංගීතය - කපුගේ, පද රචනය - රත්න ශ්‍රී)”, “මං මූලා වී (සංගීතය - කපුගේ, පද රචනය -සුනිල් ආරියරත්න)”, “උන්මාද සිතුවම් (සංගීතය - සරත් දසනායක , පද රචනය - සුනිල් ආරියරත්න)” යන ගීත ත්‍රිත්වය මිහිපිට මා අසා ඇති ‍අනර්ඝතම විර‍හ ගීත ත්‍රිත්වයයි. අදටත් සංවේදී අවස්ථාක ඒ ගීත ඇසෙන විට අප දෙනෙත්ද බොදවෙන්නේ අප‍ට නොදැනීම‍ බව සෑ‍බය.

මා විශ්ව විද්‍යාලයේ ගත කරන අවසාන කාළයේ එහි අපූරු කටයුත්තක් සිද්ධවුනා එනම් කපුගේ උපාහාර උළෙලක් සංවිධානය කර තිබීම, එයට ඔහුගේ මෑණියන් බිරිද මෙන්ම පුතනුවන්ද සහභාගීවුන බව මට මතකයි. මාද ඇතුලුව මගේ සහෘදයන් පෙර දින සිටම නොවිසිල්ලේන් ගත කර එයට සහභාගී වුනා. සමරු දේශනය අප ප්‍රිය වු රත්න ශ්‍රී යන් විසින් පැවත් වුයේ ඔහුගේ මිනිස්කම දිගහරිමින් අප දෙනෙත්ද බොද කරමිනි. ඔහු පිළිබද මතකය අවදිකරවත්ම ඔහු කෙතරම් නම් සමාජය පිළිබද වැටහීමකින් පසුවුනිදැයි සපසක් වුනා. විශ්වවිද්‍යල ප්‍රසංග මෙන්ම එළිමහන් ප්‍රසංගයන්ට නැතිවම බැරි ගායකයෙක් වු ඔහු විටෙක් නොමිළේත් විටෙක් අන් ගායකයන්ට වඩා අඩුවෙන් මුදල් ගෙන ගීත ගායනා කළ බව ඔබ මෙන්ම මාද දන්නා දෙයක්, එවැනි ප්‍රසංග යන්හි ගීත අවසන තව තවත් ගීත කීපයක් ගායනා කරන්නේ කාගේත් දැඩි ඉල්ලීමට. කිසිවිටෙකත් ඔහු ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබුනේ නැ, ඔහු සැම ‍විටම ජනතාවගේ හද‍වතේ ගායකයා වුනා. ප්‍රසංගය නිමා වෙලා ආපසු යන කපුගේ පසුවදා ඒ ලැබුනු මුද‍ලෙන් කොටසක් හො ඇතැම් විට මුලු මුදලද තම හිතවතකුට දෙන්නේ ඔහුගේ නැතිබැරි කමට තම හදවත උනු වන නියාවෙන්. සුගතපාල සිල්වා එවකට අසනීප වී සිටි බ‍ව හා ඔහුට වෛද්‍ය ප්‍රතිකාර සදහා මස‍ක‍ට රුපියල් 10000 ක මුදලක් අ‍වශ්‍යය වන බව කපුගේට ආරංචිව, හඩාවැටෙන හදවතක් ඇති කපුගේ මහත් ආන්දොලනයට පත් වුන “සන්ෆලවර් සමග කපුගේ‍‍‍‍” කැසට් ප‍ටය බිහි කර ඔහුට අ‍වශ්‍ය මේ මුදල ලබා දෙනවා. ඔහු එවැනි දෙයක් කර හම්බකර තිබුනේද මිනිසුන් වෙනුවෙනි, අවසානයේ ඔහු මියයන විටත් ඔහු ජීවත් වුනේ අඩක් නිම වු, කොටසක් පමණක් කපරාරු කරවු තම නිවසේ ඔහු එසේ හම්බකර‍ තිබුනානම් ඔහුට මාළිගා කීප‍යක්ම සාදන්න හැකි වුවත් ඔහු එසේ කරේ නැත. වරෙක ඔහු මේසේ සදහන් කර සිටියේ, ගායකයෙකු වශයෙන් තමා උත්සාහ ගන්නේ සමාජයේ පවතින යථාර්ථය ජනතා‍ව හමුවේ තැබීම‍ මෙන්ම එයට ‍හරවත්ම මෙන්ම නොබිය‍ව ඉදිරිපත් වීම යන්නයි. ඊ.එම්. ‍‍ෆෝස්ටර් කියා තිබුනේ කලා නිර්මාණයක් ආනන්දයෙන් ඇරඹී ප්‍රඤ්ඤාවෙන් අවසන් විය යුතු බ‍වයි මෙහි අර්ථ‍යට කපුගේ ගැයු සෑම නිර්මාණ‍යක්ම අයත් වන බව නම් සැබැය. සෑම කලා කෘතියක්ම යම් රසයක් ලබාදෙන අතරම ‍එය සමාජයේ අභිවෘද්ධියට හරවත් ප්‍රවිශ්ඨයක් ලබා දිය යුතු බව කපුගේයන් දැඩිව විශ්වකළ අදහසකි එහාට ඔහුගේ සෑම නිර්මාණ‍යකම එය ගැබ්ව තිබුණි. මව් ගුණ ගීත අතරින් ඔහු ගැයු රංබණ්ඩා සෙනෙවිරත්නයන් විසින් රචිත “දවසක් පැළ නැති හේනේ” ගීතය ඔබ අප අද‍ටත් අසන්නේ දෑස් අග කදුලු පුරවාගෙන‍ය, මා කුඩා අවධියේ මා ද‍යාබර දෙමාපියන් සමග මුල් වර‍ටද ඇසුවේ කපුගේයන්ගේ මේ ගීතයයි ඒ මේ ගීය අඩංගු සිනමාව නැරඹීමට ගිය දාය,
ඔහු ගැයු, "සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන්" ගීතය වර්තමාන සමාජයට කෙතරම් දුරට ගැලපෙනවාද යන්න ඔබට වැටහේවි, එහි පද රචනය මෙහි සටහන් කරනුයේ එහි ඇති අර්ථය සිහිකැදවීමටය,

සෙනෙහෙ සිතින් සැනැසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගේ දරුවන්
නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරුල්ලෙන්

එකම අහසකිනි කාටත් සෙවෙන සැදෙන්නේ
පොළොව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ
එවන් පොළව මත යුද වැද උරුම සොයන්නේ
තරග වැදි නොමිනිස්කම් ඇයි මිනුසුන්නේ

බෙදුම් පවුර සීමා මැද පිල් බැදගන්නේ
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ
ජීවත් ‍වන ටික ඇයි මේ සටන් ‍වදින්නේ

                                                         (ප්‍රසාද් විසින් අදින ලද සිතුවමකි)
මුදල් වලට වැඩියෙන් මනුස්සකම හම්බ කළ කපු‍ගේයන් දැන් සමු‍ගෙන ‍ගොස් අවුරුදු කීපයක් ගත වී ඇත. සෑබවටම ඔහු සිංහල ගීත‍ය ‍පෝෂණ‍ය කළ යුගයේ නොමියෙන සංගීතවේදියෙකි, ඒත් ත‍වමත් ඔහු අප වෙනුවෙන් ගැයු මිනිස්කමේ සු‍වද අප ‍හැර දමා ‍ගොස් නැති බව නම් සෑබවකි.



Thursday 18 March 2010

කෑලි වල‍ට කැඩුනු මගේ හදවත.....


කෑලි වල‍ට කැඩුනු මගේ හදවත.....
ජීවිතය හැම මොහොතකම ගෙවනවා. ඒත් අපි‍ට නොදැනීම ඒ ගෙවෙන ජීවිතේ අපිට දැනෙන එකම දේ දුක සතුට විතරයි. මාස ගානක නියගයකින් පස්සේ අද හීන් පොදක් වැටෙනවා හරියට බිදී ගිය හද‍‍වත් වලට ආයෙමත් පණ දෙන්න වගේ. ඒ වැහි පොද නිසා අද ටිකක් සීතලයි. ම‍ට වගේම නුඹටත් පාඵ ඇති.  එළිය‍ට ගිහින් අහස දිහා බලන් ඉන්න ‍හිතෙනවා... සමහර විට කාමරේ පුංචි කවුලුවෙන් ඔ‍යත් තරු පායලා තියෙන අහස දිහා බලා‍ගෙන ඇති. රැ අහසේ ඔ‍බේ ඇස් වගේ නිල්පා‍ටට දිලිසෙන ලස්සන පුංචි තරුවක් දිහා බලන් ඉන්න මං ආසයි.. ම‍ට පාඵව තනිකම දරාගන්න අමාරුයි මේ හීතලට මාව ගල් ගැසෙවි. මේ හිරිකඩ වැස්ස,‍වැහි බිදු මගේ හදවතේ ඇතුළටම  වැටෙනවා. ඔයත් එක්ක මේ පුංචි කවුලුව ළගට වෙලා අහස දිහා බලන් ඉන්න ඇත්නම්... මගේ ඇස් බොදවේගෙන එනවා.  තව ටිකකින් ඒ තරුව නොපෙනි යාවි ඒ තරමටම මගේ ඇස් වල‍ට කදුලු උනයි.
මට එක දෙයක් කියලා දෙන්න ඇයි මං ඔයා ගැන මෙච්චර හිතන්නේ? මේ හිතන හැම සිතුවිල්ලකටම අයිති සෙනෙහස ‍මේ පුංචි රටේ කොතැනක ඔයා හිටියත් ඔයා‍ව හොයාගෙන ඒවි. ගෙවුනු සංසාරේ  පුරාවට අපි එකට ඉන්න ඇති ඒ පුරුද්දට මට ඔ‍යා ගැන හිතෙනවා ඇති.....
ඒත් මට එහෙම හිතුන‍ට ඔයාට එහෙම මං ගැන හිතනේ නැ දැන්. ‍ඉස්සර ඔයාගේ ජිවිතේ වැඩියෙන්ම ආදරේ කරේ ම‍ට මම එතකොට ඔයාගේ හදවතේ පළවෙනියා ඒත් අද මං ජිවත් වෙන‍‍‍වද කියලවත් ඔයා දන්නේ නැ ඇයි අපිට දෛව‍ය සරදම් කරේ...
වැහි පොද හයියෙන්ම වැටෙනවා මගේ ඇස් දෙකේ කදුලු පිරිලා මේ කදුලු මේ ‍වැහි පොද‍ට එකතු වෙලා ගලාගෙන ගිහින් ඔයාගේ දෙපෙතුල ගාවට ඇවිත් ජීවිතය ඉල්ලයි ඔයාගේයි මගේයි වටිනා ජීවිතය..... ඔයාට අමතකයි ම‍ට ඔයා වාරු දෙන එකක් නැ....
කියන්න මට අන්තිමට මොනාද ඉතිරි උනේ... ඔයාගේ අතීත සුවදයි කවදාවත් එකතු කරන්න බැරි කෑලි වල‍ට කැඩුනු මගේ හදවතයි නේද?

Monday 1 March 2010

වසන්තයේ මල් ගෙනිච්චට මල් කිව්වේ නැහැනේ කොච්චර ලස්සනද කියලා....


වසන්තයේ මල් ගෙනිච්චට මල් කිව්වේ නැහැනේ කොච්චර ලස්සනද කියලා....
හීතලට තුරුලු වෙච්ච මගේ ආදරයට....
සිනහවට ආදරය කියු ඒ පුංචි කඳුළු බිංදුව,
මගේ ඇස් දෙකෙන් ද‍වසක, ප්‍රථම ප්‍රේමයේ තනිය‍ට තනි රකීවි. ඒත් දැන් ඒ කඳුළු බිදුවත් ගිලිහිලා ගිහින්.  ඒත් ඒ දවස් වල වසන්තයෙත් ගිම්හානයෙත් එක විදිය‍‍ට මලක් පිපුණා..... ඒ මල දැන් පර‍ව ගිහින්, අද තනියට කඳුළු මලක්.... ජීවිතය ගෙන යන්න, පුංචි හිතක ආදරය ගොළුවෙලා.... තනිකම හිත පුරවගෙන ඇත්තමයි දුක හිතෙනවා ඉකි ගසා ඇ‍ඩෙන්නේ ඇයි හදවත... ඒත් එහෙම බැ... ආදරයට මියෙදෙන්න බැ... දුක තුරුලු කරගෙන ආයෙත් හිනාවෙන්න ඇත්නම් මට..... ඒත් හැමදාම නම් බැරි වේවි. ඒත් අද විතරක්..... මං තනිවෙලා ඔයාට පව් නැතිව ඇති, ඔයා අහිංසක ඇති මට හිතෙන්නේ එහෙමයි. ඒ ආදරේ හැ‍ටි වෙන්න ඇති තරු කවදාවත් සද තනිකරන්නේ නෑලු, ඒ ඇයි දන්න‍වද? ඔයා දන්නවා...... ඔයාගේ හිත ගාව මං කොච්චර නම් පාරමී පිරුවද? මං ඔයාගේ කඳුළුට ඇඩුවා ඒත් අද මගේ කඳුළු තනිවම මහපොළව සිපගන්නවා. හිත හුගක් වියකිලා... තනිකමට හුරුවෙන්න වෙලා පුරුදු තනිකම නොපුරුදු කරපු ඔයා මට ආය තනිකම ගෙනත් දීලා....
මතකද? ආදරයට අපි ආදරය කරපු හැටි... පොඩ්ඩක් හිත රිදුනම ආදරේ වැඩි වෙන‍වා එතකොට අපි දෙන්නම අඩන‍වා ඔයාට මතකද මං ඔයාගේ පුංචි අතින් අල්ලපු දවස මට අද ‍වාගේ මතකයි... කොච්චර උණුසු‍මක් රැදිලා තිබ්බද.... ආදරේට අපි දෙන්නගෙම අත් වෙව්ලුවා නේද? තාම මං ගාව ඔයා තියලා ගිය උණුහුම තියෙනවා... ඒ කාළේ කොච්චර නම් සුන්දරද එතකොට අපි දෙන්නා විතරයි. මං තාමත් ඒ ආදරයට ආදරෙයි ඒත් ඔයාට වැඩිය මං ආදරේ කරලා වගේ... මගේ හිත‍ට හිතෙනවා. ආදාරේ කියාදුන්න ම‍ට විරහව,වේදනාව, තනිකම ගැන කියාදුන්නේ ඇයි ම‍ට?.... කමක් නැහැ මං දුකින් තනිකමින් හිටියත් ඔයා සතුටින් ඉන්න ඕන ඔයාට තනිකමක් දැනෙන්න එපා.
ඔය ඇස් දෙකෙන් ආයමත් හිනාවෙන්න ඇත්තමයි මම ආසයි බලන් ඉන්න....
ඒත්....
දැන් ‍වසන්නයෙත් ගිම්හානයෙත් ඒ මල පිපෙන්නේ නෑලු.. මගේ හිත කියනවා.... සමහර විට ඇත්ත වෙන්න ඇති.
නැහැ එහෙම වෙන්නේ නැ
කවද හරි ඒ මල පිපේවි.......

Saturday 27 February 2010

නුඹට බැදුනු ප්‍රේමයේ නමින්...


ජීවිත පවුර සිද බිද දා නුඹ යන්න              ගිහින්
කදුල ඉතිරිකර සිනහ‍ව නුඹ රැගෙන         ගිහින්
විරහව ‍ම‍‍ට දී ‍ආදරය නුඹ දිනා                  ගිහින්
හිරු සදු නොමැති ලොවක් මට ඉතිරි කර ‍ ගිහින්

පෙර භව‍යක ඔය නෙතු ළ‍ග මං දැවෙටෙන්න  ඇති
ඔය සුසුමන් පසුපස ‍මා එන්න                        ඇති
මේ භවයෙදි හමුවෙන්නට පිං මදිවෙන්න       ඇති
දුක විතරක් මට උරුම වෙන්න                       ඇති


ජීවිතය කදුලකි අද දින මට     විදින්නට

ආදරය මහමෙරකි නුඹ එය    නොදැනුවට  

නික්ම ගිහින් සිව් අවුරුදු         පිරුනාට

මතකය ඉකිබිදියි හිත ළග      තනිකමට



සදු තරු මැද අපේ ආදර මතකය     වියැකෙනවා
ලියලා නොගියත් සෙනෙහස        ඉපැදෙනවා
පැතු පැතුම් සිහින ලොවත්            සිහිවෙනවා
කදුල උනත් මට සිනහ‍වම නුඹට    පතනවා

නුඹට බැදුනු ප්‍රේමයේ නමින්...

Saturday 20 February 2010

නියං අකුණු වැසිද මැදින්


නියං අකුණු වැසිද මැදින්
නොසැළී නුඹ මගේ ළගින්
සිටිය නිසා හැමදාමත්
බැදුනි නුඹට මං...
නුඹේ සුවද දැවටී එන
නැතිනම් පවනත් සුව දෙන
ගතකරන්නේ කෙලෙසිකිනුද
රැ තුන් යම මං...
අරුණැල්ලෙන් පැහැබර වෙන
නුඹේ සොදුරු රුව දකින්න
බලා හිදිමි ආදරයෙන්
හැම දිනකම මං...
ඒත් ඉතින් එක්වන්නට
කෙදිනකවත් බැ අපහට
බැදී හිදිමි මේ මිහි මත
නුඹ වගේම මං...
හැදුනු වැඩුනු මේ පොළවෙන්
මුල් උදුරා සිත් බිදිමින්
ඉතිං කෙලෙස පැමිණෙන්නද
නුඹේ ළගට මං...

දහසක් බැමි වලින් බැදුනු
ලොවින් මිදී අප සිරවුන
එනු නොහැකිව නුඹේ ලොවට
අසරණ වෙමි මං...
එක්වෙනු ‍බැරිනම් අප හ‍ට
සිත් රිදවා ගනු කුමකට
හැමදාමත් මේ විලසට
ලගින් හිදිමි මං...
වෙන්වෙනු බැ කෙලෙසක‍වත්
ආදරයෙන් බැදි ‍හදවත්
පෙම් කරනෙමි හැමදාමත්
නුඹට සිතින් මං...

පද්මේගේ අදහසකි

Wednesday 17 February 2010

මිහි මත වු සොදුරු සිතුවමක් විය නුඹ


අත් වැල් බැද ගියත් මා හා නුඹ
කිසිදා හිමි නැත විය නුඹ අත ගන්න‍‍ට‍...
පෙරදවස අපි හමුවුවත්
නුඹේ සුසුමන් පවා මා හැර ගොස්ය...
සංසාරේ පුරාවට මා නුඔ පැතුවද
කවදාවත් නුඹ ම‍‍ගේ වුයේ නැත...
මා නුඹට ආදරය කළද නුඹ එය පැතුවද
ඒ ආදරයද රැගෙන නුඹ මා තනිකර ඇත...
මා නුඹට ජීවිතය කියාදුනිමුත්
නුඹ මට ජීවිත්වීම දුකක් කරවිය...
...............
කල්පයක් පෙරුම් පිරුවත් නුඹ ගැන
මිහි මත වු සොදුරු සිතුවමක් විය නුඹ
කිසිදා මට සිත්තම් කළ නොහැකි වු....

Thursday 11 February 2010

නිවන් ගමන දිගු කර තව එක භවයක්

සිහල දැයට නුඹ විය සක්විති රජිදු
සදහම් සුවද විහිදු ‍‍බෝසත් සමිදු
පින්බර කුළුනු ගුණයෙන් දස දිග පසිදු
මතු බුදු වන්න මඩියේ නායක සමිදු

හෙළ ‍‍බොදු දනට සැමදා යහ මග පෙන්වා
දැය රැකුමට අභීත සිහ හඩ නංවා
ලක් මව්නගේ නෙතට කදුළැලි නංවා
දම් ග සිදුණි ලොව අනියත බව පෙන්වා

පර සතුරන් මේ පින් බිම සතර කොනේ
හෙළ උරුමයන් වනසවමින් සිටුනු පෙනේ
මුළු දැයටම මහ බලයක් අහිමි වුනේ
අවැසිම යුගයකය මහ ස හිමි රජුනේ

රැක ගැනුමට වැනසෙන ර‍ට දැය සමයක්
මේ දෙරණට හිමියනි නැත වෙන සවියක්
නිවන් ගමන දිගු කර තව එක භවයක්
වඩිනු මැනවි මේ බිම ‍වෙත තව එක සැර‍යක්

පද්මේගේ අදහසකි

මිනිසුන් වෙමු අපි හැමදාමත්....

එක මිහිතලයක ඉපදී....
එක මිහිතලයක මියැදෙන...
හිරුගේ එළියත් සදුගේ සිහිලත් ලබමින්
රතු ලේ ඇති හදවත් වල
මිනිසත්කමේ සුවද ඇති
මින්සුන් වෙමු අපි හැමදාමත්....


Tuesday 9 February 2010

සෙනෙහෙ සිතින්

ඇයි දැන් මිනිස්සු එකිනෙකාට ආදරය කරන්නේ නැත්තේ
මම දන්න දේ තමයි අපි හැමෝම මිනිස්සු කවද හරි මැරෙනවා කියලත් දන්නවා අපේ රට බුද්ධාගමෙන් පොෂණය වෙච්ච රටක් අපි හැමෝම එකම රතු ලේ තියෙන මිනිස්සු. ඇයි අපි මිනිස්සුන්ට වෛර කරන්නේ ඇයි අන් මතයට ගරු කරන්නේ නැත්තේ අපි හැමදාම ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙමෙයි කවදාහරි මේ හැමදේම අතහැරලා අපි පොළව යට මිහිදන් වෙනවා. කෙනෙකුට දුකක් දීලා ජීවත් වෙන්න එපා ඒක තමන්ටත් කවදාහරි දුකක් ගෙනෙවී.

(ප්‍රසාද් විසින් අදින ලද සිතුවමකි)
ගුණදාස කපුගේ ශුරීන් විසින් ගැයු සෙනෙහෙ සිතින් සැනැසිල්ලෙන් කියන ගීතය මට මතක් උනා, පුදුමාකාර හරයක් ඒ ගීතයේ තියෙනවා....


සෙනෙහෙ සිතින් සැනැසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගේ දරුවන්
නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරුල්ලෙන්

එකම අහසකිනි කාටත් සෙවෙන සැදෙන්නේ
පොළොව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ
එවන් පොළව මත යුද වැද උරුම සොයන්නේ
තරග වැදි නොමිනිස්කම් ඇයි මිනුසුන්නේ

බෙදුම් පවුර සීමා මැද පිල් බැදගන්නේ
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ
ජීවත් ‍වන ටික ඇයි මේ සටන් ‍වදින්නේ

අපි මිනිස්සුන්ට ආදරය කරන්න පුරුදු වෙමු......

Friday 5 February 2010

ජිවිතේ තව දුර යන්න තියේනවා...
පහු කරන් ආවේ මල් මාවතක නම් නොවේ...
ආපහු හැරිලා බැලුවොත්..
දුක හිතේයි....
කදුලු මදි වේවි... ඇත්තමයි ජිවිතය දුකක්....
ඒත් ඒ දුකම අපිට පාර කියාවි ඉතිරි දුර යන්න...

Thursday 4 February 2010

ආදරය ‍වෙනු‍වෙන් ‍වු කැපවීම....


ඔබේ ජිවිතේ ආදරය වෙනුවෙන් ඔබ කල යුතු ‍දේ.....
ජිවිතේ බලාපොරොත්තුව ප්‍රාර්ථනාව මොකද්ද? අපි ‍ආදරයෙන් ජිවත් වෙනවනම්, ඒ කියන්නේ අපි ආදර‍ය කරන අය වෙනුවෙන් කැපවෙන‍වා කියන එක‍යි,
 ඒක හුගක් අසීමත දෙයක් ඒකට හුගක් ‍වෙහෙස මහන්සි වෙන්න ඕන.... ඒ කියන්නෙ‍් හුගක් කැපකීරීම් කරන්න ඕන කියන එක‍යි,
ඔබ ජිවිතේ ළගා කර ගන්නා හැම සතුටක්ම ක‍වද හරි ද‍වසක ඒ ආදරය වෙනුවෙන් කැපකරන්න සිද්ද වෙනවා අපි එහෙම කරනවා ඒ තම‍යි ඇත්ත ආදර‍ය....
ඔබ ‍භාරත ‍දේශයේ ‍ටජ් මහල් බලන්න ගිහින් ති‍යෙනවද? ගිහින් නොතිබුනත් ඔබ හදවතින් එය වැලදගෙන ඇති
ගංගා නදිය අසබඩ ඇති ඒ ආදරයේ චමත්කාරය සැබැවින්ම විශ්මයජනකයි නේද?  සාජ්හන් අධිරාජ්‍යයා තම ජිවිත‍යට වඩා ආදරය කළ තම‍ මිය ගිය ‍දේ‍විය වූ මුම්ටාස් මහල් ‍වෙනුවෙන් එය ඉදි කළා... නමුත් ඔහුට ඒ දේවියගේ වියෝව දරාගත නොහැකි වුනා...අවසානයේ ඔහුට සිය රජකම පවා අහිමු වුනා. ඔහු‍ ජිවිතයේ අ‍වසාන කාළය ගත කලේ සිරමැදිරියක ඒ ඉතා කුඩා සිදුරකින් තමා නිම කල ‍ටජ් ම‍හල දෙස බලාගෙන... අ‍වසානයේ රජතුමා මිය ‍යන්නෙත් තමා ආදරය වෙනුවෙන් ඉදිකල ඒ ටජ් මහල දෙස බලාගෙනයි.... 
ඉතින් මිනිස්සු ‍වැඩියෙන්ම තම ජිවිතේ පරිත්‍යාග කරලා තියෙන්නේ ආදරය වෙනු‍වෙන්.....
ඒ ‍ව‍ගේම ආදරය වෙනුවෙන් මිනිස්සු පුදුම ‍විදියේ කැප කිරීම් කරලා තියෙනවා... ඒ ‍හැම කැප කිරීමක්ම ‍අසීමත විදියට අපේ ජිවිත එක්ක බැදිලා.... සදාකල් රැදේවි..........

ආරාධනා...

සිනහ මල් පිපෙන්නට
සතුටු කදුලු වගුරන්නට
දෝතින්ම තුරුලු කරගන්නට
පුංචි සමනළියකට ආරාධනා
එන්න...
ජිවිතය සොබාදහම මනුස්සකම ආදරය

Tuesday 2 February 2010

මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයැයි.............

ඒ වැකිය කොච්චර අර්ථාන්විතද?
අපි ආදරය කරන ආදරය ඇයි අපිව දාලා යන්නේ.....
හදවතේ උපදින බලාපොරොත්තු කාලයත් එක්කම බොදවෙලා යන්නේ ඇයි............
ඒ කාලේ ආදරෙන් සෙනෙහසින් ළංවෙලා හිටපු අපි ඇයි දැන් හුගක් දුරස් වෙලා ගිහින්.......
ජිවිතේ හැම දෙයක්ම සෙනෙහසින් බාරගන්න අපිට පුලුවන් උනා ඒත් දැන්............
ඒ හැමදෙයක්ම මතකයන් වෙලා...............
සිහිනය දැන් මියැදිලා ගිහින්.............

නුඹට ආදරය කරන තැනැත්තා............

නුඹටත් වඩා නුඹ ගැන සිතනා කෙනෙක් වේද........
ඔබට ආදරය කරන්නේ ඔහුය/ඇයය...
නුඹටත් වඩා නුඔ ගැන කරදර වන කෙනෙක් වේද...
නුඹ ළග සිටින්නේ ඔහුය/ඇයය...
නුඹටත් වඩා නුඔ ගැන දන්නා කෙනෙක් වේද......
නුඹ ආදරය පිදිය යුත්තේ ඔහුටය/ඇයටය........
නුඹටත් වඩා නුඹේ හෙට දවස ගැන සිතනා කෙනෙක් වේද.....
නුඹ හදවත පූජා කළ යුත්තේ එවන් හදකටය....

Friday 29 January 2010

මතකය

අපේ අතීතය කොච්චර සුන්දරද?
ඒ කාලේ ප්‍රාර්ථනා කරපු දේවල් දැන් බොදව ගිහින්..
අවුරුදු 4ක් 5ක් ගියත් ඒ දේවල් අමතක කරන්න අමාරුයි.......
ඒ දවස් වල අපේ සිතුම් පැතුම් කොච්චර අවංකද?
අපි හැමදාම හිනාවෙලා හිටියේ... කොච්චරනම් සැහැල්ලුද ඒ ජිවිතය
ගහ කොළ පරිසරය මිනිස්සු ..ඒ හැමදේම ලස්සනයි අපිට ඒ දේවල් හරිම සමීපයි....
ඒත් දැන් කාළය වෙනස් වෙලා .... ඒ අතීතය පහුකරන් ඇවිත්... ආයෙමත් අපිට යන්න බැහැ.......

Sunday 17 January 2010

කවුලු පියන් පත්

ඔබ එයි සිතා තවමත් හැර දැමු අවකාශය වසා නොමැත
සමුගෙන ගෝස් බෝහෝ කල් ගත වුවත්
ඹබ වෙනුවෙන් විවර කළ හදවතේ දොරකවුලු වසා නොමැත
අපේ අතීත සුවද ඹබ රැගෙන ගියත්

මල් මිටියාවතේ ඹබත් මාත් එක්ව සැදු සුවද මල් තවමත් පරවී නොමැත
කදුලු ඉතිරිකර වෙන්ව ගියත්


ඔබ වෙනුවෙන් හදවතේ කදුලු සදාතනිකව හඩනු ඇත......................

Saturday 16 January 2010

අපි හුගක් දුර ඇවිත්

ජිවිතේ වැඩි කාලයක් දැන් ගෙවිලා ගිහින්. අපිට ගොඩක් අත්දැකීම් අත්විදලා පුරැදුයි දැන්... ඒ දේවල් වලින් ජිවිතයට ආදර්ශයක් වෙන අත්දැකීම් අපි හොදට අධ්‍යනය කරන්න ඕන. අපි හැමෝගෙම ජිවිත වල වේදනාව හා සමානව ජිවිතේ සිනහවත් බෙදිලා ගිහින් තියේනවා.
අපි පුරැදුවෙන්න ඹ්න හැමදෙයක්ම විදදරාගෙන ජිවිතේ තව ඉස්සරහට ගෙනියන්න.....

ඹබට පුලුවන් ඒ දේ කරන්න.

ජීවි‍තේන් ආදරය....


කදුලක්ව ගිලිහුනා....
සිහිනයක පියාපත්....
සුසුමක්ව නැවතිනි....
හදවතේ සුසුමන්....
නොදැනීම මියැදුනා....
ජීවි‍තේන් ආදරය....


සොබාදහම හා ආදරය

මා දන්නා පරිදි සොබාදහමට ආදරය කරන පිරිස් ආදරයද හොදින් හදුනයි. ගහ ‍කොළ, සතා සිවුපාවන්ට අපි ආදරය කරනවා ඒත් ඒක හැ‍මෝටම කරන්න බැහැ...... සොබාදහම කොච්චර ලස්සනද? අපි හිතනවාට වඩා ලස්සනයි.... හැබැයි ඒ සොබාදහමත් එක්ක ජීවත් වෙනවනම් විතරයි. 
සොබාදහමට ආදරය කරන්න.... ඔබේ ජීවිතයටත් ආදරය දැනේවි.....

Friday 15 January 2010

ආදරය බලා සිටියි

‍පාළුව හද දරා'''''
බලා සිටිමි නුඹ එනතුරා
ආයෙත් දවසක
හමුවෙනතුරු
සිතේ තබමි
නුඹේ ඒ 
ජීවන සුවද''''''