ආදරයේ මිහිරි රස
ඒ රාත්රී සාදයේ රෑ මනමාලිය ලෙසයි ඔහුට ඇයව පෙනුනේ. සෑම තනිකඩ පිරිමියෙකුම ඇය පසු පස යද්දී,
සෑම විවාහක පිරිමියෙකුම ඇය වෙත බැලුම් හෙලද්දී ඔහු නොසැලෙන දෑසින් ඇය දෙස බලා සිටියා. කෙමෙන් රෑ බෝවේද්දී ඇය කරා ලන්වුනු ඔහු ඇයට කෝපි කෝප්පයක රස විඳීමට ආරාධනා කරා.
එක්වරම මේ නොසිතු ආරාධනයන් ඇය පුදුම වුනත් ඔහුගේ ශීලාචාර ඇමතීම හමුවේ ඇය ඔහුයේ ඒ ඉල්ලීමට එකඟ වුනා. වීදිය කෙලවරේ වු
coffee shop 1ක් වෙත පිය නැඟූ දෙපළ ඔවුනටම වෙවන්කර ගත් මේසයක මුහුණට මුහුණලා අසුන් ගත්තා. නමුත් ඔහු ඇය හා කිසිත් පැවසීමට හෝ ඇය දෙස ඍජුව බැලීමට තරම් සිත දැඩි අයකු වුයේ නෑ. ඔහුගේ සිත වේගයෙන් ගැසේන්නට වෙද්දී ඇය තමාට යා යුතු බව පැවසුයේ ඔහුගේ මේ හැසිරීම ඇයටද අපහසුවක් වු නිසයි. එවිටම ඒ අසලින් ගිය වේටර් වරයෙකුට මේසේ සැලකලා.
''කරුණාකර මට ලුණු ටිකක් දෙනවද මේ කෝපි කෝප්පයට දාගන්න?''
අසල සිටි සියල්ලෝම එකවරම ඔහු වෙත තම දෙනෙත් යොමු කරද්දී ඔහු වේටර් ගෙන ආ ලුණු තම කෝපි කෝප්පයට මුසු කර බොන්නට වුනා.
ඔහුගේ මේ ක්‍රියාවෙන් පුදුමයට පත්ව සිටි ඇය සෙමින් ඔහුගන් මේසේ විමසුවා.
''ඇයි ඔයා ඔයාගේ කෝපි කෝප්පයට ලුණු එකතු කරලා බොන්නේ, මම මගේ ජීවියතයටම එවන් පුරුද්දක් ඇති අයකු දුටු පළමු අවස්ථාව තමයි මේ.''
ඔහු එයට මේසේ පිළිතුරු දුන්නා.
''මගේ පුංචි කාලය ගෙවුනේ මුහුද ළඟ තිබුණු අපේ සීයාගේ නිවසේ.
මම මුහුදට පුදුම තරම් ආදරය කරා. ඒ ආශාව අදටත් ඒ වගේමයි. මට මගේ කෝපි කෝප්පයේ ලුණු රස දැනෙද්දී, මම තවමත් ඒ මුහුද ළඟ ජීවත් වෙනවා වගේ දැනෙනවා.
මම මගේ පුංචි කාලේ ගැන ඒ වේලාවට මතක් කරනවා, මගේ පියා නැති වුයේ මට අවුරුදු 2දී.
එදා ඉදන් මගේ අම්මා, ආච්චියි සීයයි එක්ක මාව බලා ගත්තු විධිය, ඒ 3න් දෙනාගේ ආදරය, මට ආයෙත් මතක් කරලා දෙන්නේ මේ ලුණු දාපු කෝපි කෝප්පයම තමයි.''
එසේ පවසද්දී ඔහුටත් හොරා ඔහුගේ දෑසින් කඳුලු කැට කිහිපයක් වැගිරෙනු ඇය දුටුවා.
තම ගෙදර අය ගැන මේසේ තම අවංක හැඟීම් පලකරන ඔහු ගැන ඇයට ඇතිවුයේ පුදුම තරම් පැහැදීමක්. ඉන්පසු ඇයත් තම ළමා කාළයේ සිට මේ වනතුරු ඇය ගෙවන ජීවිතයේ වත ගොත ඔහු හා බෙදා ගත්තා. ඔවුන් මේසේ ඇරඹී කතාබහ ඔවුනට නැවත නැවත මුණ ගැසීමට සුන්දර ඇරඹුමක් වුනා.
ඔහු එදා ඔහුගේ කෝපි කෝප්පයට ලුණු එකතු කර නොගන්නට ඇයට එම සුන්දර මිනිසා අතහැරීමට ගිය අයුරු ඇය දිනපතා සිතන්නට වුනා.මේසේ කාළය ගතවේද්දී සෑම සුන්දර ආදර කතාවක සේම මේ කුමාරය සහ කුමාරිය ආදරේන් බැඳී විවාහය දක්වා තම බැඳීම අලුත් කර ගත්තා.
ඇත්තටම ඔවුන් දෙදෙනා එකිනෙකා වෙනුවෙන්ම මැවුණු යුවලක් සේ සතුටින් ජීවිතය ගෙනගියා. සෑම දිනකම ඇය ඔහු වෙනුවෙන් සාදන කෝපි කෝප්පයට ලුණු එකතු කරන්නත් අමතක කලේ නෑ. මේසේ වසර 40ක් ගේවී ගිය තැන ඔහු මිය ගියා. ඒත් ඔහු ඇය වෙත මෙම ලිපිය ඉතිරි කර ගිහින් තිබුණා.
''දයාබර සැසී, මට සමාවෙන්න.
මගේ ජීවිතයේම මම ඔයාට කළේ ලොකු බොරුවක්. වංචාවක්. මම ඔයාට කරපු එකම බොරුව එය පමණයි, ඒ තමයි අපි මුණගැසුනු මුල්ම දවසේ මම බිව්ව ලුණු එකතු කරපු කෝපි කෝප්පය. එදා මට ඔයා එක්ක කතා කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව බොහොම චකිතයෙන් සිටි මොහොතකයි වේටර් එතැනින් ගමන් කරේ. ඇත්තටම මට ඕන වුනේ සීනි, ඒත් මා හට කියැවුනේ ලුණු අවශ්‍යය බවයි. ඒ වේලාවේ මට ඒ කියැවුනු දේ වෙනස් කරන්නවත් සිතක් තිබුනේ නෑ. මම මොහොතකටවත් හිතුවේ නෑ අපේ කතාබහ පටන් ගැනීමේදීම ඔයාට බොරුවක් කියන්න වේවි කියලා. මට ඔයාට මේ දේ කියන්න ජීවිතේ පුරාවටම ඕන වුනත් ඒ හැම මොහොයතකදිම මට ඔයාට ඒ දේ කියන්න හිතට ශක්තියක් තිබුනේ නෑ. ඒත් දැන් මම මැරෙන්න ළංවෙලා නිසා මට ඔයාට මේ දේ කියන්න පුලුවන්.
මම කවදාවත් ලුණු දැමූ කෝපි වලට ආස කරේ නෑ සැසී. ඒ තිත්ත රස කොච්චර නම් බීමට අමාරුද කියලා ඔයාට හිතාගන්නවත් බෑ.
ඒත් මම ඔයා එක්ක ගෙවපු ජීවිතය පුරාවටම ඒ තිත්ත රස ආදරයෙන් රසවින්දා.
ඔයා මගේ ජීවිතේ ඉන්න නිසා මට ඒ දේ දරාගන්න එක අමාරු දෙයක් වුනේ නෑ. ඔයා මගේ ජීවිතේට ආපු එක තරම් සතුටක් මට වෙනත් නෑ සැසී. මට තව වතාවක් ජීවත් වෙන්න ලැබුනොත් ඒ ජීවිතේ පුරාවටමත් මට ඔයාව ඕන, ලුණු දාපු කෝපි කෝප්පය තව ආත්ම ගණනක් බොන්න වුනත් පුලුවන් මට ඔයාව ලැබෙනවනම්.''
ඇගේ දෑසින් කඳුලු කැට වැගිරෙන්නට වුනා.
දිනක් ඇයගෙන් කෙනෙකු ලුණු දැමූ කෝපි මොන රසදැයි විමසු විට ඇය සිනාසී මේසේ සැලකලා.
''ඒක හරිම මිහිරි රසයක්,
හරියටම ආදරය පිරුණු ජීවිතයක් වගේ''
Love is not to forget but to forgive, not to see but
understand, not to hear but to listen, not to let go but HOLD ON. සැ.යු.
ඉංග්‍රිසි පරිවතනයක් බව කරුණාවෙන් සලකන්න.