මේ නිශාන්තයයි
එන්න අපි ඇවිද යමු
රොබරෙසියා මල් මාවතේ
මල් තුහින වැස්සේ තෙමෙන්න
ඇවිත් මා ළග නවතින්න
මුමුණන්න ආදරයෙන්
ඈත ඉදන් එන සමනලුන් ගැන
ඈතින් පේන හන්තාන කදුවැටිය ගැන
අපේ ආදරය වගේ ගලන මහවැලිය ගැන
කියන්න මට
ආයෙත් කවදාද එන්නේ.............
ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය හැමෝටම කියාදීම
ලස්සන පද පෙළක්.....
ReplyDeleteමහවැලිය ඉරිතලා ඇත,
ReplyDeleteමල් පඳුරැ වියලී වැටී ඇත,
හන්තානට උඩින්...
ලපලු පත් විසිරැවාගෙන
අලුත් වැස්සක් අරන් ආවොත්....
මහවැලිය යලි ගලනු ඇත,
රොබරෝසියා මල්ද හිනැහෙනු ඇත....
නුඹේ සිනහව ලොව දකිනු ඇත...
ගොඩක් කාලෙකින්. ලස්සනයි මචං
Shadow/හේමලයා
ReplyDeleteස්තුතියි ඔබේ ප්රාතිචාරයට.
හෙළයා
විවේකය කියන දෙය දැන් හරිම අඩුයි.... සහෝදර නිර්මාණ කියවීමත් මගහැරුණා.....
ප්රේතිචාරය අගෙයි
ඇත්තටම අපූරුයි..!!
ReplyDeleteAnsh Lucky Sri Jay
ReplyDeleteස්තුතියි මේ පැත්තේ ආවට.........
ඔබව හොඳටෝම මඟ හැරී ගියා නෙව...
ReplyDeleteකාර්‍යය බහුලයි වාගේ නේ....
ඉස්සරනම් අපේ ගෙවල් පැත්තේ කමෙන්ටුවක් වරදින්නේම නෑ ඔබෙන්... පසුගිය නිවාඩුවට හමුවෙමු කීවත් මඟහැරුනා... සමාවෙන්න... දෙසැම්බර් වල හමුවෙමු...
ඉතින් මිත්‍රයා. මමත් ආවෙ කාලෙකින් ඔබව මතක් වුණා. සින්ඩිය පැත්තෙ යන්න වෙලාවක් තිබුනෙ නැහැ. නමුත් ඔයාගෙ අන්වර්ථ නාමය මතක තිබිලා මෙතනට ආවෙ. ඉඩක් ඇති වෙලාවක ඇවිල්ලා සටහනක් දාලා යන්න. ගොඩාක් දවසකින් දැක්කෙ නැහැ ඔයාව.
ReplyDeleteතිස්ස දොඩන්ගොඩ, රවා, ස්තුතියි මේ පැත්තේ ආවට........
ReplyDeleteඇත්තටම මට දැන් කාළය නැහැ මේ දේවල් වලට.
පුලුවන් හැම වේලාවේම ඔයාලගේ ලිපි කියවනවා