මම දන්න දේ තමයි අපි හැමෝම මිනිස්සු කවද හරි මැරෙනවා කියලත් දන්නවා අපේ රට බුද්ධාගමෙන් පොෂණය වෙච්ච රටක් අපි හැමෝම එකම රතු ලේ තියෙන මිනිස්සු. ඇයි අපි මිනිස්සුන්ට වෛර කරන්නේ ඇයි අන් මතයට ගරු කරන්නේ නැත්තේ අපි හැමදාම ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙමෙයි කවදාහරි මේ හැමදේම අතහැරලා අපි පොළව යට මිහිදන් වෙනවා. කෙනෙකුට දුකක් දීලා ජීවත් වෙන්න එපා ඒක තමන්ටත් කවදාහරි දුකක් ගෙනෙවී.
(ප්‍රසාද් විසින් අදින ලද සිතුවමකි)
ගුණදාස කපුගේ ශුරීන් විසින් ගැයු සෙනෙහෙ සිතින් සැනැසිල්ලෙන් කියන ගීතය මට මතක් උනා, පුදුමාකාර හරයක් ඒ ගීතයේ තියෙනවා....සෙනෙහෙ සිතින් සැනැසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගේ දරුවන්
නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරුල්ලෙන්
එකම අහසකිනි කාටත් සෙවෙන සැදෙන්නේ
පොළොව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ
එවන් පොළව මත යුද වැද උරුම සොයන්නේ
තරග වැදි නොමිනිස්කම් ඇයි මිනුසුන්නේ
බෙදුම් පවුර සීමා මැද පිල් බැදගන්නේ
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ
ජීවත් වන ටික ඇයි මේ සටන් වදින්නේ
අපි මිනිස්සුන්ට ආදරය කරන්න පුරුදු වෙමු......
huga kalekin ahuwe ne sinduwa hoda arthayak thiyena sinduwak art work ekanam niyamai
ReplyDeleteස්තුති යහලුවා පිල් බෙදිලා ගහ ගන්න කවුරුත් කැමති නැහැ. නමුත් අසාධාරණයක් වෙන බව දැන දැන මට නිහඩ වෙන්න නම් බැහැ. ඔයාව අදයි දැක්කෙ, සින්ඩියෙ ඉන්නවද... සිංහල බ්ලොග කියවනය. මම ඔයා මට දාපු ලින්ක් එක ඔස්සෙ ආවෙ...
ReplyDeleteසහෘද රවා ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. ඔබ හරි අසාධාරණයට විරුද්ධ වෙන්න ඕන. ඒත් මිනිස්සු ඇයි නොමැරෙන මිනිස්සු විදියට ජීවත් වෙන්නේ? මිනිස්සු වෛරය වපුරන තුරු ඔය දේ සිද්දවෙනවා. එහෙම නොවෙන්න කියලයි අපේ ප්‍රාර්ථනාව ඒකටයි මේ උත්සාහය. අපි සින්ඩියේ නම් නැ
ReplyDeleteඔබ වැනි අර්ථවත් ලිපි ලියන බ්ලොග් කරුවෙක් ගැන මම ඇත්තටම සතුටු වෙනවා
ReplyDeleteසිතිජ සහන් ඔබේ අදහසට ස්තුතියි පාසල් වයසේ පසුවුනත් ඔබේ බොලොග් අඩවිය ඉතාමත් විශිෂ්ටයි.
ReplyDelete