නියං අකුණු වැසිද මැදින්
නොසැළී නුඹ මගේ ළගින්
සිටිය නිසා හැමදාමත්
බැදුනි නුඹට මං...
නුඹේ සුවද දැවටී එන
නැතිනම් පවනත් සුව දෙන
ගතකරන්නේ කෙලෙසිකිනුද
රැ තුන් යම මං...
අරුණැල්ලෙන් පැහැබර වෙන
නුඹේ සොදුරු රුව දකින්න
බලා හිදිමි ආදරයෙන්
හැම දිනකම මං...
ඒත් ඉතින් එක්වන්නට
කෙදිනකවත් බැ අපහට
බැදී හිදිමි මේ මිහි මත
නුඹ වගේම මං...
හැදුනු වැඩුනු මේ පොළවෙන්
මුල් උදුරා සිත් බිදිමින්
ඉතිං කෙලෙස පැමිණෙන්නද
නුඹේ ළගට මං...
දහසක් බැමි වලින් බැදුනු
ලොවින් මිදී අප සිරවුන
එනු නොහැකිව නුඹේ ලොවට
අසරණ වෙමි මං...
එක්වෙනු බැරිනම් අප හට
සිත් රිදවා ගනු කුමකට
හැමදාමත් මේ විලසට
ලගින් හිදිමි මං...
වෙන්වෙනු බැ කෙලෙසකවත්
ආදරයෙන් බැදි හදවත්
පෙම් කරනෙමි හැමදාමත්
නුඹට සිතින් මං...
අයියා මේ කවි පන්තියත් ගොඩක් ලස්සනයි වගේ කියවන්නත් ආසයි. එයිටත් වැඩිය ලස්සනයි ඕකේ තියෙන පින්තූරය. මට පේන විදියට ඔය පින්තූරයේ මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. ඔය පින්තූරයේ තියෙන ගස් දෙක දිහා හොඳට බැලුවොත් මිනිස්සු දෙන්නෙක් පේනවා. හැබැයි ඒ මට හිනෙ හැටි ඒක ඇත්තක්ද දන්නේ නෑ. මේ වගේ සිත්ඇදගන්න පින්තූරයක් දා මේවැනි කවිපන්තියක් ලිවූ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. අනෙක් එක තමයි ඔබේ බ්ලොග් අඩවිය ගොඩක් හොඳ එකක් ඔබ ලිපියක් දාන සෑම විටකම මම ඒක කියවනවා. තව තවත් මෙවැනි ලිපි ලියන්න මම ඔබට සුබ පතනවා෴
ReplyDeleteබොහොම ස්තුතියි සිතිජ මල්ලි ඕබේ වටිනා අදහසට...
ReplyDeleteniyamai . . . lassanata hithata danennna liyala tiyenawa . . .
ReplyDeleteස්තුතියි දුකා ඔබේ ලබැදියාවට
ReplyDeleteනිර්මාණය අගෙයි මිත්‍රයා.
ReplyDeleteඅඩෝ උඹටනම් තියෙන්නේ පට්ටම අතක් බං.
ReplyDeleteඉරිසියත් හිතෙනවා...
ඒත් ඇස්වහ වදින්නේ නම් නෑ ඔන්න..
තව සියක් දාහක් අදින්න ලැබේවා..
/බිඟුවා...!
ස්තුතියි රවීන් ඔබට
ReplyDelete@බිඟුවා...! : නියම බ්ලොග් එකක් ඇත්තමයි....
ReplyDeleteබිඟුවා/සිතිජ මල්ලි ස්තුතියි ඔබට
ReplyDeleteමම දැනුයි google reader එකෙ ඔයාගෙ අලුත් පොස්ට් එක දැක්කෙ. ලස්සනට වචන ටික අමුනලා හැඩ කරලා.
ReplyDeleteස්තුතියි රවා...
ReplyDeleteඅපූරුයි කවිපද ටික.... හැම නිර්මාණයක්ම සුන්දරයි... දිගටම ලියමු....
ReplyDeleteWish ස්තුතියි ඔබේ ආගමනයට...
ReplyDelete