ජීවිත පවුර සිද බිද දා නුඹ යන්න ගිහින්
කදුල ඉතිරිකර සිනහව නුඹ රැගෙන ගිහින්
විරහව මට දී ආදරය නුඹ දිනා ගිහින්
හිරු සදු නොමැති ලොවක් මට ඉතිරි කර ගිහින්
පෙර භවයක ඔය නෙතු ළග මං දැවෙටෙන්න ඇති
ඔය සුසුමන් පසුපස මා එන්න ඇති
මේ භවයෙදි හමුවෙන්නට පිං මදිවෙන්න ඇති
දුක විතරක් මට උරුම වෙන්න ඇති
ජීවිතය කදුලකි අද දින මට විදින්නට
ආදරය මහමෙරකි නුඹ එය නොදැනුවට
නික්ම ගිහින් සිව් අවුරුදු පිරුනාට
මතකය ඉකිබිදියි හිත ළග තනිකමට
සදු තරු මැද අපේ ආදර මතකය වියැකෙනවා
ලියලා නොගියත් සෙනෙහස ඉපැදෙනවා
පැතු පැතුම් සිහින ලොවත් සිහිවෙනවා
කදුල උනත් මට සිනහවම නුඹට පතනවා
නුඹට බැදුනු ප්‍රේමයේ නමින්...