Thursday, 20 May 2010

අහස වගේ මව් සෙනෙහස

රෑ දහවල්
දුක් කදුළැල්
පොළවට හෙලුවයි
අම්මා....
ඒ කදුළින්
මුලු ලෝකය
පිරුණයි සිසිලෙන්
පෙම්මා....
අහස වගේ
මව් සෙනෙහස
නැත නිම්මා....
සිත් පිත් නැති
දරුවනි ඇයි
මහ මග තනි කළෙ
අම්මා...

....
මට තනි නැත
දුවනි පුතුනි
දුක් සංකා
මම දනිමි....
කුසගිනි
උණුසුම සීතල
එදා මෙන්ම
අද විදිමි....
මව් පිය සෙනෙහස
නොදැන
නුඹ යන මාවත
දනිමි....
ඒ මග
ගිනි දැල් නිවන්න
මම අද
කදුලැල් සලමි....

(පද්මේගේ සටහනකි)