Thursday, 20 May 2010

අහස වගේ මව් සෙනෙහස

රෑ දහවල්
දුක් කදුළැල්
පොළවට හෙලුවයි
අම්මා....
ඒ කදුළින්
මුලු ලෝකය
පිරුණයි සිසිලෙන්
පෙම්මා....
අහස වගේ
මව් සෙනෙහස
නැත නිම්මා....
සිත් පිත් නැති
දරුවනි ඇයි
මහ මග තනි කළෙ
අම්මා...

....
මට තනි නැත
දුවනි පුතුනි
දුක් සංකා
මම දනිමි....
කුසගිනි
උණුසුම සීතල
එදා මෙන්ම
අද විදිමි....
මව් පිය සෙනෙහස
නොදැන
නුඹ යන මාවත
දනිමි....
ඒ මග
ගිනි දැල් නිවන්න
මම අද
කදුලැල් සලමි....

(පද්මේගේ සටහනකි)

6 comments:

  1. ලස්සන පද වැලක් . නනදා මාලනී මහත්මිය ගායනා කරන "අම්මාවරුනේ" ගීතය මතක් උනා මේ පද පේළි කියවද්දි.

    ReplyDelete
  2. ස්තුතියි ප්‍රතිචාරයට පද්මේ තමයි ලිව්වේ

    ReplyDelete
  3. ගිනි දැල් නිවන්න
    මම අද
    කදුලැල් සලමි.... ;(

    හරිම ලස්සනයි වචන!!!

    ReplyDelete
  4. මෙක මම අදයි දැක්කෙ.. එ ඔයා මගෙ බ්ලොග් එකෙ දාපු සටහන හින්දා.. මොකක් දො හෙතුවකට මගෙ ඇස් දෙක ටිකක් තෙත් වුනා.. මෙවගෙ වචන වලින් කරන්න පුලුවන් දෙවල්.. අවාසනාවක මහතක් කියන්නෙ රටෙ තොටෙ ඇවිද්දි අපිත් එක්ක ලෙන්ගතු වෙන වයසක අයගෙ ඇස්වල මෙ කතාව ලිවියලා තියනවා දකින්න හම්බ වෙනවා.. බස් එකක වයසක අම්මා කෙනෙක් අමාරුවෙන් තනියම ගමන් කරනවා දැකලා මට තරහා ගිහින් ඇහැව්වා " මුණුපුරෙක් වත් නැද්ද අච්චියේ" ආච්චිට කදුලු ඇවිත් නැති වුනා. මම උදව්කරා කරපු පවට. ඇස් දෙක ඇරගෙන ජිවත් වෙන්නත් බැහැ.. ඇස්දෙක වහගෙන ජිවත් උනත් වැඩක් නැහැ.. මාර ලොකයක් නෙද..

    ReplyDelete
  5. isimbuwa, අම්මාවරුනේ ගීතය දැන් ඇහෙනව අඩුයි අපිට සමාජයට ඕනම කාලෙක ඒ ගීතත් වියැකිලා යනවද කොහෙද...

    පබලු ස්තුතියි ආගමනයට.

    රවා, මටත් ඔය වගේ අම්මලා මේ රටේ යන එන කොට හම්බවෙලා තියෙනවා ඒ අය තමන්ගේ වැඩකටයුතු කරගන්නේ බොහොම අමාරුවෙන් උපේක්ෂාවෙන් කිසිම හව්හරනක් නෑ මට හිතෙන්නේ රවා ඒ අයට වැඩිය අපි අසරණයි ඒ වේලාවට අපිටයි මොකුත් කරකියාගන්න බැරිවෙන්නේ....

    ReplyDelete
  6. මේකට කවියෙන්ම කමෙන්ට් එකක් දාන්න තරම් කවියෙක් නෙවෙයි මම. ඉතින් හොඳ නිර්මාණයක් කියලා විතරක් කියන්නම්.
    තව අමතර ප්‍රශ්ණ දෙකක් තියෙනවා. මම මේ බ්ලොග් එකට ගොඩ වුනේ අහම්බෙන්. එකක් තමයි අපගේ කියලා තියෙන්නෙ මේ බ්ලොග් එක ලියන්නෙ කීප දෙනෙක්ද? රචකයාගෙ නමත් කෑලි කීපයක දිග එකක්නෙ. අනික, මේ ග්‍රැ‍ෆික්ස් අඳින්නෙ කවුද? නියමයි. ඒකයි ඇහුවෙ? ග්‍රැ‍ෆික් ටැබ්ලට් එකකින්?

    henryblogwalker the Dude

    ReplyDelete