Wednesday, 28 April 2010

ඔබට මට හමුවුන සැබැ මිනිසෙක්


ඔබේත් මගේත් හදවතේ ගැඹුරුම තැන දිනාගත් හදවතට මෙන්ම මනසට කතා කළ යුගයේ සංගීතවේදියා, ගුණදාස කපුගේ.....
මා ගීටාරය අත් තබන්නට කලියෙන් වයලීනයට පෙම්බැන්දෙකි, සාමන්‍යය පෙළ තෙක් මා සංගීතය විශයයක් ලෙස හාදරන ලදී එහිදි ප්‍රායෝගික වාද්‍යය භාණ්ඩය ලෙස වයලීනය වයන්නට පුරුදු වුනෙමි. මා එවකට වයලීනය හැදැරුවේ ගුණදාස කපුගේ ශූරීන් හා සම කාලීන සංගීතආචර්යවරියකගෙනි, ඇය ඔහු ගැන තබන මතකය ඉතාම සංවේදිය, ඒ ඔහු තුළ වු මිනිස්කම පිළිබදවයි,


අට දෙනෙකු සමන්විත වු පවුලේ දෙවෙනියා ලෙස කපුගේ වර්ශ 1945 අගෝස්තු මස 7 වෙනි දින ගාල්ලේදී උපත ලබන්නාහ. ඔහු 5 වසර තෙක් ඒරමුල්ල කණිශ්ඨ විද්‍යයාලයටත් එතැන් පටන් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යයාලයටත් පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යයාලයටත් ‍ඇතුලත්ව අධ්‍යයාපනය ලබා ගෙන ඇත, බොහෝ අයට තම මූලික අධ්‍යයාපනය හදාරන පාසල් අමතක වන යුගයක ඔහු කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යයාලයට ආධාර පිණිස එහි ප්‍රසංග කීපයක් පැවැත්වු බව මට මතකයි. අදටත් එම ප්‍රදේශයේ ඔහුගේ මිනිස් හඩ රැව් දෙනවා, ඒ ඔහු තබා ගිය මතකයයි. කපුගේයන් සංගීතය පිළිබද උසස් අධ්‍යයාපනය භාරත දේශයෙන් ලබාගෙන එය සම්පූර්ණ කර හැටේ දශකයේදි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ශබ්ද පරිපාලකවරයෙකු ලෙස සම්බන්ධ වෙනවා. ඔහු කෙතරම් වියත්ද යනු වරෙක පැවසුවේ “තමා සංගීත විශෘරද උපාධිය ලබාගන්නා තෙක් ගීත ගායනය නොකරන බවයි” ඔහුගේ වු අනන්‍යය ස්වර භාවිතය මෙන්ම මිනිස් සිත අවදිකරන කටහඩ නිසා එවකට A ශ්‍රේණියේ ගායකයකු ලෙස පත්වීම ලැබීමටද සමත් වෙනවා. ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයක් වු ඒ කාළවකවානුව කපුගේටත් තම සංගීත ස්වරයෙන් මිනිස් හදවත් ආමන්ත්‍රණය කිරීමේ භාග්‍ය ලැබෙනවා, අප අදටත් රසවිදින ප්‍රියානන්ද විජේසුන්දර විසින් රචිත කපුගේ විසින් සංගීතවත් කළ “දෑස නිලුපුල් තෙමා” ගීතය ඔහු විසින් බිහිකළ පළමු ගීතයයි, එතැන් පටන් හරවත් සංවේදී ගීත රාශියක් ඔහු අපවෙනුවෙන් ගැයුවා, නිර්මාණදායකත්වය ලබාදුන්නා, 1980 දී “දම් පාටින ලා සද බැස යනවා”, 1981 ”සීතල සද එළියේ ”, 1983 “උන්මාද සිතුවම්”, 1985 “මාවතේ ගීතය”, 1990 “පිය සටහන්” ඔහු විසින් එළිදක්වනු ලැබු කැසට් අතර වුනා, ඒ අතර 1990 ආරම්භ කළ කම්පන ඒක පුද්ගල ගී ප්‍රසංගය අප අදටත් සිහි කරනුයේ එහි වූ හරවත් ගීත සමුච්ච‍ය නිසයි, ඒතරමට ඔහු මිනිසුන් අතර ගැවසුනා. 

සිනාමාවට මෙන්ම වේදිකා නාට්ට්‍ය වූවෙන් ඔහු එවකට සංගීත අධ්‍යක්ෂණයෙන් පවා දායක්ත්වය ලබා දී තිබුනා ඔබ අප කවුරුත් රසවිදි ලූෂන් බුලත්සිංහලයන් විසින් නිර්මාණවු “තාරාවෝ ඉගිලෙති” හි සංගීතයද කපුගේ විසින් නිමවූවක්. ගුවන් විදිලියේම උසස් වීම් ලද ඔහුට පසුව එහි සේවය තහනම් වුනා එසමගින් රැකියාවද අහිමිව පොලිස් අත්අඩංගුවටද පත්වෙනවා. පසුව ඔහුට රජරට සේවයට පත්වීමක් ලැබ අනුරපුරයට යන්නේ එහි සංගීත අංශය නංවාලීමට වූ අධීෂ්ඨානයද පෙර දැරිවයි. රජරට මිනිසුන්ට ගීතයෙන් ඇමතු ඔහු අතින් එවකට බිහිවු ගීත අතර "උලලේනෝ' හා "අයියන්ඩියේ" ගීත බෙහෙවින් සමාජ භූමිකාව පිළිඹිබු කරන‍ සේම එම ගීත ජනතාව අතර ‍බෙහෙවින් ජනප්‍රිය වෙනවා. 80 දශකයේ අග භාගයේ නැවතත් වැඩ තහනමට ලක්වන ඔහු එහිනුත් නොනවැති තම මෙහෙවර ඉටු කිරීමට සමත් වෙනවා, එහිදී ඔහු ගැයු “සබද අපි කදු නොවෙමු” ගීතය අතිශයින් ජනතාව වැළද ගන්නවා එවකට පැවති දේශපාලන පසුබිම තුළ මේ ගීතය තහනම් වෙනවා පසුව එය හා යමින් එම තනුවටම බිහිවෙන මා වඩාත් ප්‍රිය කරන ගීතයක් වු “සොදුර නුඹ ලිහිනියෙකි” ගීතය නිර්මාණය වෙනවා. මේ අවධියේම නිර්මාණ‍ය වන රඹුක්කන සිද්ධාර්ථ හිමි විසින් රචිත "පිහිටක් නැති සරණක් නැති" ගීත‍ය අපට අදටත් කියාදෙන්නේ ජීවිතේ තනිවුනු දිනෙක ධර්මය අප සොයා යන බව‍යි.

දුක හාදු දෙන රැයේ (සංගීතය - කපුගේ, පද රචනය - රත්න ශ්‍රී)”, “මං මූලා වී (සංගීතය - කපුගේ, පද රචනය -සුනිල් ආරියරත්න)”, “උන්මාද සිතුවම් (සංගීතය - සරත් දසනායක , පද රචනය - සුනිල් ආරියරත්න)” යන ගීත ත්‍රිත්වය මිහිපිට මා අසා ඇති ‍අනර්ඝතම විර‍හ ගීත ත්‍රිත්වයයි. අදටත් සංවේදී අවස්ථාක ඒ ගීත ඇසෙන විට අප දෙනෙත්ද බොදවෙන්නේ අප‍ට නොදැනීම‍ බව සෑ‍බය.

මා විශ්ව විද්‍යාලයේ ගත කරන අවසාන කාළයේ එහි අපූරු කටයුත්තක් සිද්ධවුනා එනම් කපුගේ උපාහාර උළෙලක් සංවිධානය කර තිබීම, එයට ඔහුගේ මෑණියන් බිරිද මෙන්ම පුතනුවන්ද සහභාගීවුන බව මට මතකයි. මාද ඇතුලුව මගේ සහෘදයන් පෙර දින සිටම නොවිසිල්ලේන් ගත කර එයට සහභාගී වුනා. සමරු දේශනය අප ප්‍රිය වු රත්න ශ්‍රී යන් විසින් පැවත් වුයේ ඔහුගේ මිනිස්කම දිගහරිමින් අප දෙනෙත්ද බොද කරමිනි. ඔහු පිළිබද මතකය අවදිකරවත්ම ඔහු කෙතරම් නම් සමාජය පිළිබද වැටහීමකින් පසුවුනිදැයි සපසක් වුනා. විශ්වවිද්‍යල ප්‍රසංග මෙන්ම එළිමහන් ප්‍රසංගයන්ට නැතිවම බැරි ගායකයෙක් වු ඔහු විටෙක් නොමිළේත් විටෙක් අන් ගායකයන්ට වඩා අඩුවෙන් මුදල් ගෙන ගීත ගායනා කළ බව ඔබ මෙන්ම මාද දන්නා දෙයක්, එවැනි ප්‍රසංග යන්හි ගීත අවසන තව තවත් ගීත කීපයක් ගායනා කරන්නේ කාගේත් දැඩි ඉල්ලීමට. කිසිවිටෙකත් ඔහු ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබුනේ නැ, ඔහු සැම ‍විටම ජනතාවගේ හද‍වතේ ගායකයා වුනා. ප්‍රසංගය නිමා වෙලා ආපසු යන කපුගේ පසුවදා ඒ ලැබුනු මුද‍ලෙන් කොටසක් හො ඇතැම් විට මුලු මුදලද තම හිතවතකුට දෙන්නේ ඔහුගේ නැතිබැරි කමට තම හදවත උනු වන නියාවෙන්. සුගතපාල සිල්වා එවකට අසනීප වී සිටි බ‍ව හා ඔහුට වෛද්‍ය ප්‍රතිකාර සදහා මස‍ක‍ට රුපියල් 10000 ක මුදලක් අ‍වශ්‍යය වන බව කපුගේට ආරංචිව, හඩාවැටෙන හදවතක් ඇති කපුගේ මහත් ආන්දොලනයට පත් වුන “සන්ෆලවර් සමග කපුගේ‍‍‍‍” කැසට් ප‍ටය බිහි කර ඔහුට අ‍වශ්‍ය මේ මුදල ලබා දෙනවා. ඔහු එවැනි දෙයක් කර හම්බකර තිබුනේද මිනිසුන් වෙනුවෙනි, අවසානයේ ඔහු මියයන විටත් ඔහු ජීවත් වුනේ අඩක් නිම වු, කොටසක් පමණක් කපරාරු කරවු තම නිවසේ ඔහු එසේ හම්බකර‍ තිබුනානම් ඔහුට මාළිගා කීප‍යක්ම සාදන්න හැකි වුවත් ඔහු එසේ කරේ නැත. වරෙක ඔහු මේසේ සදහන් කර සිටියේ, ගායකයෙකු වශයෙන් තමා උත්සාහ ගන්නේ සමාජයේ පවතින යථාර්ථය ජනතා‍ව හමුවේ තැබීම‍ මෙන්ම එයට ‍හරවත්ම මෙන්ම නොබිය‍ව ඉදිරිපත් වීම යන්නයි. ඊ.එම්. ‍‍ෆෝස්ටර් කියා තිබුනේ කලා නිර්මාණයක් ආනන්දයෙන් ඇරඹී ප්‍රඤ්ඤාවෙන් අවසන් විය යුතු බ‍වයි මෙහි අර්ථ‍යට කපුගේ ගැයු සෑම නිර්මාණ‍යක්ම අයත් වන බව නම් සැබැය. සෑම කලා කෘතියක්ම යම් රසයක් ලබාදෙන අතරම ‍එය සමාජයේ අභිවෘද්ධියට හරවත් ප්‍රවිශ්ඨයක් ලබා දිය යුතු බව කපුගේයන් දැඩිව විශ්වකළ අදහසකි එහාට ඔහුගේ සෑම නිර්මාණ‍යකම එය ගැබ්ව තිබුණි. මව් ගුණ ගීත අතරින් ඔහු ගැයු රංබණ්ඩා සෙනෙවිරත්නයන් විසින් රචිත “දවසක් පැළ නැති හේනේ” ගීතය ඔබ අප අද‍ටත් අසන්නේ දෑස් අග කදුලු පුරවාගෙන‍ය, මා කුඩා අවධියේ මා ද‍යාබර දෙමාපියන් සමග මුල් වර‍ටද ඇසුවේ කපුගේයන්ගේ මේ ගීතයයි ඒ මේ ගීය අඩංගු සිනමාව නැරඹීමට ගිය දාය,
ඔහු ගැයු, "සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන්" ගීතය වර්තමාන සමාජයට කෙතරම් දුරට ගැලපෙනවාද යන්න ඔබට වැටහේවි, එහි පද රචනය මෙහි සටහන් කරනුයේ එහි ඇති අර්ථය සිහිකැදවීමටය,

සෙනෙහෙ සිතින් සැනැසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගේ දරුවන්
නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරුල්ලෙන්

එකම අහසකිනි කාටත් සෙවෙන සැදෙන්නේ
පොළොව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ
එවන් පොළව මත යුද වැද උරුම සොයන්නේ
තරග වැදි නොමිනිස්කම් ඇයි මිනුසුන්නේ

බෙදුම් පවුර සීමා මැද පිල් බැදගන්නේ
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ
ජීවත් ‍වන ටික ඇයි මේ සටන් ‍වදින්නේ

                                                         (ප්‍රසාද් විසින් අදින ලද සිතුවමකි)
මුදල් වලට වැඩියෙන් මනුස්සකම හම්බ කළ කපු‍ගේයන් දැන් සමු‍ගෙන ‍ගොස් අවුරුදු කීපයක් ගත වී ඇත. සෑබවටම ඔහු සිංහල ගීත‍ය ‍පෝෂණ‍ය කළ යුගයේ නොමියෙන සංගීතවේදියෙකි, ඒත් ත‍වමත් ඔහු අප වෙනුවෙන් ගැයු මිනිස්කමේ සු‍වද අප ‍හැර දමා ‍ගොස් නැති බව නම් සෑබවකි.