Pages

Friday 4 October 2013

අමතකය නුබ හට

සදුද ඇවිත්
තරුද වසා
නුබ ආදරය කියු දා
මතකය මා හට
අමතකය නුබ හට

දුරක හිද ඇවිදින්
හිත ළගම නතරවෙලා
කල්පයක් මගේ වෙන්න
ඔය හිත මට කීවා

මට හිමි නැති
නුඹට හිමි
ආදරය
රිදුම් දෙයි තවමත්
ඉකි ලන හදවතද පාරමින්




Thursday 6 June 2013

The United Nations Conference on Environment and Development, also known as the Rio Summit, Earth Summit (or, in Portuguese, Eco '92)  conference held in Rio de Janeiro from June 3 to June 14, 1992.

A 12 yaer girl Severn Cullis-Suzuki Speech,




Hello, I'm Severn Suzuki speaking for E.C.O. - The Environmental Children's Organisation. We are a group of twelve and thirteen-year-olds trying to make a difference: Vanessa Suttie, Morgan Geisler, Michelle Quigg and me. We raised all the money ourselves to come five thousand miles to tell you adults you must change your ways. Coming here today, I have no hidden agenda. I am fighting for my future.
Losing my future is not like losing an election or a few points on the stock market. I am here to speak for all generations to come. I am here to speak on behalf of the starving children around the world whose cries go unheard. I am here to speak for the countless animals dying across this planet because they have nowhere left to go.
I am afraid to go out in the sun now because of the holes in the ozone. I am afraid to breathe the air because I don't know what chemicals are in it. I used to go fishing in Vancouver, my home, with my dad until just a few years ago we found the fish full of cancers. And now we hear about animals and plants going extinct every day - vanishing forever. In my life, I have dreamt of seeing the great herds of wild animals, jungles and rainforests full of birds and butterflies, but now I wonder if they will even exist for my children to see. Did you have to worry about these little things when you were my age? All this is happening before our eyes and yet we act as if we have all the time we want and all the solutions. I'm only a child and I don't have all the solutions, but I want you to realise, neither do you!
You don't know how to fix the holes in our ozone layer. You don't know how to bring salmon back up a dead stream. You don't know how to bring back an animal now extinct. And you can't bring back forests that once grew where there is now desert. If you don't know how to fix it, please stop breaking it!
Here, you may be delegates of your governments, business people, organisers, reporters or politicians - but really you are mothers and fathers, brothers and sister, aunts and uncles - and all of you are somebody's child. I'm only a child yet I know we are all part of a family, five billion strong, in fact, 30 million species strong and we all share the same air, water and soil - borders and governments will never change that. I'm only a child yet I know we are all in this together and should act as one single world towards one single goal. In my anger, I am not blind, and in my fear, I am not afraid of telling the world how I feel.
In my country, we make so much waste, we buy and throw away, buy and throw away, buy and throw away, and yet northern countries will not share with the needy. Even when we have more than enough, we are afraid to share, we are afraid to let go of some of our wealth. In Canada, we live the privileged life, with plenty of food, water and shelter - we have watches, bicycles, computers and television sets. The list could go on for two days.
Two days ago here in Brazil, we were shocked when we spent some time with some children living on the streets. And this is what one child told us: "I wish I was rich and if I were, I would give all the street children food, clothes, medicine, shelter and love and affection." If a child on the street who has nothing, is willing to share, why are we who have everything still so greedy?
I can't stop thinking that these children are my age, that it makes a tremendous difference where you are born, that I could be one of those children living in the Favelas of Rio; I could be a child starving in Somalia; a victim of war in the Middle East or a beggar in India. I'm only a child yet I know if all the money spent on war was spent on ending poverty and finding environmental answers, what a wonderful place this earth would be!
At school, even in kindergarten, you teach us how to behave in the world. You teach us: not to fight with others, to work things out, to respect others, to clean up our mess, not to hurt other creatures to share - not be greedy. Then why do you go out and do the things you tell us not to do? Do not forget why you're attending these conferences, who you're doing this for - we are your own children. You are deciding what kind of world we are growing up in. Parents should be able to comfort their children by saying "everything's going to be alright', "we're doing the best we can" and "it's not the end of the world".
But I don't think you can say that to us anymore. Are we even on your list of priorities? My father always says "You are what you do, not what you say." Well, what you do makes me cry at night. You grown ups say you love us. I challenge you, please make your actions reflect your words. Thank you for listening. 

Friday 20 April 2012

ආදරයේ මිහිරි රස


 ආදරයේ මිහිරි රස

රාත්රී සාදයේ රෑ මනමාලිය ලෙසයි ඔහුට ඇයව පෙනුනේ. සෑම තනිකඩ පිරිමියෙකුම ඇය පසු පස යද්දී, සෑම විවාහක පිරිමියෙකුම ඇය වෙත බැලුම් හෙලද්දී  ඔහු නොසැලෙන දෑසින් ඇය දෙස බලා සිටියා. කෙමෙන් රෑ බෝවේද්දී ඇය කරා ලන්වුනු ඔහු ඇයට කෝපි කෝප්පයක රස විඳීමට ආරාධනා කරා. එක්වරම මේ නොසිතු ආරාධනයන් ඇය පුදුම වුනත් ඔහුගේ ශීලාචාර ඇමතීම හමුවේ ඇය ඔහුයේ ඉල්ලීමට එකඟ වුනා. වීදිය කෙලවරේ වු coffee shop 1ක් වෙත පිය නැඟූ දෙපළ ඔවුනටම වෙවන්කර ගත් මේසයක මුහුණට මුහුණලා අසුන් ගත්තා. නමුත් ඔහු ඇය හා කිසිත් පැවසීමට හෝ ඇය දෙස ඍජුව බැලීමට තරම් සිත දැඩි අයකු වුයේ නෑ. ඔහුගේ සිත වේගයෙන් ගැසේන්නට වෙද්දී ඇය තමාට යා යුතු බව පැවසුයේ ඔහුගේ මේ හැසිරීම ඇයටද අපහසුවක් වු නිසයි. එවිටම අසලින් ගිය වේටර් වරයෙකුට මේසේ සැලකලා.
''කරුණාකර මට ලුණු ටිකක් දෙනවද මේ කෝපි කෝප්පයට දාගන්න?''
අසල සිටි සියල්ලෝම එකවරම ඔහු වෙ තම දෙනෙත් යොමු කරද්දී ඔහු වේටර් ගෙ ලුණු තම කෝපි කෝප්පයට මුසු කර බොන්නට වුනා. ඔහුගේ මේ ක්‍රියාවෙන් පුදුමයට පත්ව සිටි ඇය සෙමින් ඔහුගන් මේසේ විමසුවා.
''ඇයි ඔයා ඔයාගේ කෝපි කෝප්පයට ලුණු එකතු කරලා බොන්නේ, මම ම‍ගේ ජීවියතයටම එවන් පුරුද්දක් ඇති අයකු දුටු පළමු අ‍වස්ථාව තමයි මේ.''
ඔහු එයට මේසේ පිළිතුරු දුන්නා.

''මගේ පුංචි කාලය ගෙවුනේ මුහුද ළඟ තිබුණු අපේ සීයාගේ නිවසේ. මම මුහුදට පුදුම තරම් ආදරය කරා. ශාව අදටත් වගේමයි. මට ම‍ගේ කෝපි කෝප්පයේ ලුණු රස දැනෙද්දී, මම තවමත් මුහුද ජීවත් වෙනවා වගේ දැනෙනවා. මම ම‍ගේ පුංචි කාලේ ගැන වේලාව මතක් කරනවා, මගේ පියා නැති වුයේ මට අවුරුදු 2දී. එදා ඉදන් ම‍ගේ අම්මා, ආච්චියි සීයයි එක්ක මාව බලා ගත්තු විධිය, 3න් දෙනාගේ ආදරය, මට ආයෙත් මතක් කරලා දෙන්නේ මේ ලුණු දාපු කෝපි කෝප්පයම තමයි.''
එසේ පවසද්දී ඔහුටත් හොරා ඔහුගේ දෑසින්  කඳුලු කැට කිහිපයක් වැගිරෙනු ඇය දුටුවා. තම ගෙදර අය ගැන මේසේ තම අවංක හැඟීම් පලකරන ඔහු ගැන ඇයට ඇතිවුයේ පුදුම තරම් පැහැදීමක්. ඉන්පසු ඇයත් තම ළමා කාළයේ සිට මේ නතුරු ඇය ගෙව ජීවිතයේ ගොත ඔහු හා ‍බෙදා ගත්තා. ඔවුන් මේසේ ඇරඹී කතාබහ ඔවුනට නැවත නැවත මුණ ගැසීමට සුන්දර ඇරඹුමක් වුනා. ඔහු එදා ඔහුගේ කෝපි කෝප්පයට ලුණු එකතු කර නොගන්නට ඇයට එම සුන්දර මිනිසා අතහැරීමට ගිය අයුරු ඇය දිනපතා සිතන්නට වුනා.මේසේ කාළය ගතවේද්දී සෑම සුන්දර ආදර කතාවක සේ මේ කුමාරය සහ කුමාරිය ආදරේන් බැඳී විවාහය දක්වා තම බැඳීම අලුත් කර ගත්තා.
ඇත්තටම ඔවුන් දෙදෙනා එකිනෙකා වෙනුවෙන්ම මැවුණු යුවලක් සේ සතුටින් ජීවිතය ගෙනගියා. සෑම දිනකම ඇය ඔහු වෙනුවෙන් සාදන කෝපි කෝප්පයට ලුණු එකතු කරන්නත් අමතක කලේ නෑ. මේසේ සර 40ක් ගේවී ගිය තැන ඔහු මිය ගියා. ඒත් ඔහු ඇය වෙත මෙ ලිපිය ඉතිරි කර ගිහින් තිබුණා.

''දයාබර සැසී, මට සමාවෙන්න. මගේ ජීවිතයේම මම ඔයාට කළේ ලොකු බොරුවක්. වංචාවක්. මම ඔයාට කරපු එකම බොරුව එය මණයි, තමයි අපි මුණගැසුනු  මුල්ම දවසේ මම බිව්ව ලුණු එකතු කරපු කෝපි කෝප්පය. එදා මට ඔයා එක්ක කතා කරන්නේ මොනවද කියලා හිතා ගන් බැරුව බොහොම චකිතයෙන් සිටි මොහොතකයි වේටර් එතැනින් ගමන් කරේ. ඇත්තටම මට ඕන වුනේ සීනි, ඒත් මා හට කියැවුනේ ලුණු අවශ්‍යය බවයි. වේලාවේ මට කියැවුනු දේ වෙනස් කරන්නවත් සිතක් තිබුනේ නෑ. මම මොහොතකටවත් හිතුවේ නෑ අපේ කතාබහ පටන් ගැනීමේදීම ඔයාට බොරුවක් කියන්න වේවි කියලා. මට ඔයාට මේ දේ කියන්න ජීවිතේ පුරාවටම ඕන වුනත් හැම මොහොයතකදිම මට ඔයාට දේ කියන්න හිතට ක්තියක් තිබුනේ නෑ. ඒත් දැන් මම මැරෙන්න ළංවෙලා නිසා මට ඔයාට මේ දේ කියන්න පුලුවන්. මම කවදාවත් ලුණු දැමූ කෝපි වල ආස කරේ නෑ සැසී. තිත්ත රස කොච්චර නම් බීමට අමාරුද කියලා ඔයාට හිතාගන්නවත් බෑ. ඒත් මම ඔයා එක්ක ගෙවපු ජීවිතය පුරාවටම තිත්ත රස ආදරයෙන් රසවින්දා. ඔයා ම‍ගේ ජීවිතේ ඉන්න නිසා මට දේ දරාගන්න එක අමාරු  දෙයක් වුනේ නෑ. ඔයා මගේ ජීවිතේට ආපු එක තරම් සතුටක් මට වෙනත් නෑ සැසී. මට තව තාවක් ජීවත් වෙන් ලැබුනොත් ජීවිතේ පුරාවටමත් මට ඔයාව ඕන, ලුණු දාපු කෝපි කෝප්පය තව ආත්ම ගණනක් බොන්න වුනත් පුලුවන් මට ඔයාව ලැ‍බෙනවනම්.''

ඇගේ දෑසින් කඳුලු කැට වැගිරෙන්නට වුනා
දිනක් ඇයගෙන් කෙනෙකු  ලුණු දැමූ කෝපි මොන රසදැයි විමසු විට ඇය සිනාසී මේසේ සැලකලා.

''ඒක හරිම මිහිරි රසයක්, හරියටම ආදරය පිරුණු ජීවිතයක් වගේ''

Love is not to forget but to forgive, not to see but understand, not to hear but to listen, not to let go but HOLD ON. සැ.යු. ඉංග්‍රිසි රිවතනයක් බව කරුණාවෙන් සලකන්න.

Wednesday 18 April 2012

දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන



ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න...

මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව.... ගීතය නෙමෙයි... මම ඔයාලට මේ කියන සත්‍ය කතාව හොදින් කියවන්න..... එහෙනම් මෙන්න කතාව....

2003-2004
අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... ඔයාලා දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියෙ.... ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්......

පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා... කාඩ් එක තමා බොනපාට්... මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....(අදටත් බොනපාට් කියලා පේරාදෙණිය සරසවියෙ කාගෙන් හරි ඇහුවොත් ඔහුව දන්නවා එච්චරට ඔහු ප්‍රසිද්ධයි  )

ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් සරලවම කියනවනම් පට්ටම සංවේදී... පට්ටම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි...
 අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව.... කොහොමද උපාධියෙ තත්වය යාළුවනේ)

පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත.... 
ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව... එය තමයි සොබනි. ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....

යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි බාශාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම.... 
ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....

මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....

නමුත් සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා.... හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් campus එකේ යාලුවෝ කියන  විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද  මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....

නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... 
නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ රූමවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....

ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... 
ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....

උනදේ කියාගන්නත් බෑ .... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත....

ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ... 
මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

මට දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....

මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන

දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...?  මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල.... ‍

නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
 හැබැයි මෙහෙදී මම එක දෙයක් සදහන් කරන්න ඕන... සොබනි දැන් හොදින් ජීවත් වෙනවාලු .. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවාලු ... ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ... අනික මට මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා.... ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක්ගෙන් මේක අහපු වෙලාවේ  කියපු කතාවක්.... 

මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ... ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා... "අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ, ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර ගියේ නෑ...... "

උපුටා ගැනීම lakgunegroup දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන - Sarasavi Uyana Station