Pages

Thursday 11 February 2010

නිවන් ගමන දිගු කර තව එක භවයක්

සිහල දැයට නුඹ විය සක්විති රජිදු
සදහම් සුවද විහිදු ‍‍බෝසත් සමිදු
පින්බර කුළුනු ගුණයෙන් දස දිග පසිදු
මතු බුදු වන්න මඩියේ නායක සමිදු

හෙළ ‍‍බොදු දනට සැමදා යහ මග පෙන්වා
දැය රැකුමට අභීත සිහ හඩ නංවා
ලක් මව්නගේ නෙතට කදුළැලි නංවා
දම් ග සිදුණි ලොව අනියත බව පෙන්වා

පර සතුරන් මේ පින් බිම සතර කොනේ
හෙළ උරුමයන් වනසවමින් සිටුනු පෙනේ
මුළු දැයටම මහ බලයක් අහිමි වුනේ
අවැසිම යුගයකය මහ ස හිමි රජුනේ

රැක ගැනුමට වැනසෙන ර‍ට දැය සමයක්
මේ දෙරණට හිමියනි නැත වෙන සවියක්
නිවන් ගමන දිගු කර තව එක භවයක්
වඩිනු මැනවි මේ බිම ‍වෙත තව එක සැර‍යක්

පද්මේගේ අදහසකි

6 comments:

  1. නියමයි... හොඳ කවිපන්තියක්

    ReplyDelete
  2. ස්තුතියි මල්ලිට පද්මේ කියලා අයියා කෙනෙක් තමයි ඕක ලිව්වේ

    ReplyDelete
  3. උපහාර කවිය අගනේය.

    ReplyDelete
  4. අපි කියන්නේ අපිට හොද මගනේවීමක් ඕන කියලා. මඩියේ නායක හමුදුරුවො වගේ බොධිසත්වයන්ගේ වටිනාකම අපිට දැනුයි දැනෙන්නේ

    ස්තුති සහෘද රවීන්

    ReplyDelete
  5. ස්තුති යහලුවා. තවත් සගයෙක් ව හම්බ උනා වගෙ.. දැනෙනවා මෙ කවි පන්තිය කියවපුවහම. ඔයාද ලිව්වෙ... මම කලින් මෙ පැත්තෙ ඇවිල්ල තියනවා නෙද.... නියමයි

    ReplyDelete
  6. සහෘද රවා ඔබේ ලබැදියාවට ස්තුතියි.. කවි පන්තිය ලිව්වේ නම් පද්මේ. ඔබේ නැවත ආගමනයටත් ස්තුතියි

    ReplyDelete