Pages

Thursday, 18 March 2010

කෑලි වල‍ට කැඩුනු මගේ හදවත.....


කෑලි වල‍ට කැඩුනු මගේ හදවත.....
ජීවිතය හැම මොහොතකම ගෙවනවා. ඒත් අපි‍ට නොදැනීම ඒ ගෙවෙන ජීවිතේ අපිට දැනෙන එකම දේ දුක සතුට විතරයි. මාස ගානක නියගයකින් පස්සේ අද හීන් පොදක් වැටෙනවා හරියට බිදී ගිය හද‍‍වත් වලට ආයෙමත් පණ දෙන්න වගේ. ඒ වැහි පොද නිසා අද ටිකක් සීතලයි. ම‍ට වගේම නුඹටත් පාඵ ඇති.  එළිය‍ට ගිහින් අහස දිහා බලන් ඉන්න ‍හිතෙනවා... සමහර විට කාමරේ පුංචි කවුලුවෙන් ඔ‍යත් තරු පායලා තියෙන අහස දිහා බලා‍ගෙන ඇති. රැ අහසේ ඔ‍බේ ඇස් වගේ නිල්පා‍ටට දිලිසෙන ලස්සන පුංචි තරුවක් දිහා බලන් ඉන්න මං ආසයි.. ම‍ට පාඵව තනිකම දරාගන්න අමාරුයි මේ හීතලට මාව ගල් ගැසෙවි. මේ හිරිකඩ වැස්ස,‍වැහි බිදු මගේ හදවතේ ඇතුළටම  වැටෙනවා. ඔයත් එක්ක මේ පුංචි කවුලුව ළගට වෙලා අහස දිහා බලන් ඉන්න ඇත්නම්... මගේ ඇස් බොදවේගෙන එනවා.  තව ටිකකින් ඒ තරුව නොපෙනි යාවි ඒ තරමටම මගේ ඇස් වල‍ට කදුලු උනයි.
මට එක දෙයක් කියලා දෙන්න ඇයි මං ඔයා ගැන මෙච්චර හිතන්නේ? මේ හිතන හැම සිතුවිල්ලකටම අයිති සෙනෙහස ‍මේ පුංචි රටේ කොතැනක ඔයා හිටියත් ඔයා‍ව හොයාගෙන ඒවි. ගෙවුනු සංසාරේ  පුරාවට අපි එකට ඉන්න ඇති ඒ පුරුද්දට මට ඔ‍යා ගැන හිතෙනවා ඇති.....
ඒත් මට එහෙම හිතුන‍ට ඔයාට එහෙම මං ගැන හිතනේ නැ දැන්. ‍ඉස්සර ඔයාගේ ජිවිතේ වැඩියෙන්ම ආදරේ කරේ ම‍ට මම එතකොට ඔයාගේ හදවතේ පළවෙනියා ඒත් අද මං ජිවත් වෙන‍‍‍වද කියලවත් ඔයා දන්නේ නැ ඇයි අපිට දෛව‍ය සරදම් කරේ...
වැහි පොද හයියෙන්ම වැටෙනවා මගේ ඇස් දෙකේ කදුලු පිරිලා මේ කදුලු මේ ‍වැහි පොද‍ට එකතු වෙලා ගලාගෙන ගිහින් ඔයාගේ දෙපෙතුල ගාවට ඇවිත් ජීවිතය ඉල්ලයි ඔයාගේයි මගේයි වටිනා ජීවිතය..... ඔයාට අමතකයි ම‍ට ඔයා වාරු දෙන එකක් නැ....
කියන්න මට අන්තිමට මොනාද ඉතිරි උනේ... ඔයාගේ අතීත සුවදයි කවදාවත් එකතු කරන්න බැරි කෑලි වල‍ට කැඩුනු මගේ හදවතයි නේද?

Monday, 1 March 2010

වසන්තයේ මල් ගෙනිච්චට මල් කිව්වේ නැහැනේ කොච්චර ලස්සනද කියලා....


වසන්තයේ මල් ගෙනිච්චට මල් කිව්වේ නැහැනේ කොච්චර ලස්සනද කියලා....
හීතලට තුරුලු වෙච්ච මගේ ආදරයට....
සිනහවට ආදරය කියු ඒ පුංචි කඳුළු බිංදුව,
මගේ ඇස් දෙකෙන් ද‍වසක, ප්‍රථම ප්‍රේමයේ තනිය‍ට තනි රකීවි. ඒත් දැන් ඒ කඳුළු බිදුවත් ගිලිහිලා ගිහින්.  ඒත් ඒ දවස් වල වසන්තයෙත් ගිම්හානයෙත් එක විදිය‍‍ට මලක් පිපුණා..... ඒ මල දැන් පර‍ව ගිහින්, අද තනියට කඳුළු මලක්.... ජීවිතය ගෙන යන්න, පුංචි හිතක ආදරය ගොළුවෙලා.... තනිකම හිත පුරවගෙන ඇත්තමයි දුක හිතෙනවා ඉකි ගසා ඇ‍ඩෙන්නේ ඇයි හදවත... ඒත් එහෙම බැ... ආදරයට මියෙදෙන්න බැ... දුක තුරුලු කරගෙන ආයෙත් හිනාවෙන්න ඇත්නම් මට..... ඒත් හැමදාම නම් බැරි වේවි. ඒත් අද විතරක්..... මං තනිවෙලා ඔයාට පව් නැතිව ඇති, ඔයා අහිංසක ඇති මට හිතෙන්නේ එහෙමයි. ඒ ආදරේ හැ‍ටි වෙන්න ඇති තරු කවදාවත් සද තනිකරන්නේ නෑලු, ඒ ඇයි දන්න‍වද? ඔයා දන්නවා...... ඔයාගේ හිත ගාව මං කොච්චර නම් පාරමී පිරුවද? මං ඔයාගේ කඳුළුට ඇඩුවා ඒත් අද මගේ කඳුළු තනිවම මහපොළව සිපගන්නවා. හිත හුගක් වියකිලා... තනිකමට හුරුවෙන්න වෙලා පුරුදු තනිකම නොපුරුදු කරපු ඔයා මට ආය තනිකම ගෙනත් දීලා....
මතකද? ආදරයට අපි ආදරය කරපු හැටි... පොඩ්ඩක් හිත රිදුනම ආදරේ වැඩි වෙන‍වා එතකොට අපි දෙන්නම අඩන‍වා ඔයාට මතකද මං ඔයාගේ පුංචි අතින් අල්ලපු දවස මට අද ‍වාගේ මතකයි... කොච්චර උණුසු‍මක් රැදිලා තිබ්බද.... ආදරේට අපි දෙන්නගෙම අත් වෙව්ලුවා නේද? තාම මං ගාව ඔයා තියලා ගිය උණුහුම තියෙනවා... ඒ කාළේ කොච්චර නම් සුන්දරද එතකොට අපි දෙන්නා විතරයි. මං තාමත් ඒ ආදරයට ආදරෙයි ඒත් ඔයාට වැඩිය මං ආදරේ කරලා වගේ... මගේ හිත‍ට හිතෙනවා. ආදාරේ කියාදුන්න ම‍ට විරහව,වේදනාව, තනිකම ගැන කියාදුන්නේ ඇයි ම‍ට?.... කමක් නැහැ මං දුකින් තනිකමින් හිටියත් ඔයා සතුටින් ඉන්න ඕන ඔයාට තනිකමක් දැනෙන්න එපා.
ඔය ඇස් දෙකෙන් ආයමත් හිනාවෙන්න ඇත්තමයි මම ආසයි බලන් ඉන්න....
ඒත්....
දැන් ‍වසන්නයෙත් ගිම්හානයෙත් ඒ මල පිපෙන්නේ නෑලු.. මගේ හිත කියනවා.... සමහර විට ඇත්ත වෙන්න ඇති.
නැහැ එහෙම වෙන්නේ නැ
කවද හරි ඒ මල පිපේවි.......