Monday, 1 March 2010

වසන්තයේ මල් ගෙනිච්චට මල් කිව්වේ නැහැනේ කොච්චර ලස්සනද කියලා....


වසන්තයේ මල් ගෙනිච්චට මල් කිව්වේ නැහැනේ කොච්චර ලස්සනද කියලා....
හීතලට තුරුලු වෙච්ච මගේ ආදරයට....
සිනහවට ආදරය කියු ඒ පුංචි කඳුළු බිංදුව,
මගේ ඇස් දෙකෙන් ද‍වසක, ප්‍රථම ප්‍රේමයේ තනිය‍ට තනි රකීවි. ඒත් දැන් ඒ කඳුළු බිදුවත් ගිලිහිලා ගිහින්.  ඒත් ඒ දවස් වල වසන්තයෙත් ගිම්හානයෙත් එක විදිය‍‍ට මලක් පිපුණා..... ඒ මල දැන් පර‍ව ගිහින්, අද තනියට කඳුළු මලක්.... ජීවිතය ගෙන යන්න, පුංචි හිතක ආදරය ගොළුවෙලා.... තනිකම හිත පුරවගෙන ඇත්තමයි දුක හිතෙනවා ඉකි ගසා ඇ‍ඩෙන්නේ ඇයි හදවත... ඒත් එහෙම බැ... ආදරයට මියෙදෙන්න බැ... දුක තුරුලු කරගෙන ආයෙත් හිනාවෙන්න ඇත්නම් මට..... ඒත් හැමදාම නම් බැරි වේවි. ඒත් අද විතරක්..... මං තනිවෙලා ඔයාට පව් නැතිව ඇති, ඔයා අහිංසක ඇති මට හිතෙන්නේ එහෙමයි. ඒ ආදරේ හැ‍ටි වෙන්න ඇති තරු කවදාවත් සද තනිකරන්නේ නෑලු, ඒ ඇයි දන්න‍වද? ඔයා දන්නවා...... ඔයාගේ හිත ගාව මං කොච්චර නම් පාරමී පිරුවද? මං ඔයාගේ කඳුළුට ඇඩුවා ඒත් අද මගේ කඳුළු තනිවම මහපොළව සිපගන්නවා. හිත හුගක් වියකිලා... තනිකමට හුරුවෙන්න වෙලා පුරුදු තනිකම නොපුරුදු කරපු ඔයා මට ආය තනිකම ගෙනත් දීලා....
මතකද? ආදරයට අපි ආදරය කරපු හැටි... පොඩ්ඩක් හිත රිදුනම ආදරේ වැඩි වෙන‍වා එතකොට අපි දෙන්නම අඩන‍වා ඔයාට මතකද මං ඔයාගේ පුංචි අතින් අල්ලපු දවස මට අද ‍වාගේ මතකයි... කොච්චර උණුසු‍මක් රැදිලා තිබ්බද.... ආදරේට අපි දෙන්නගෙම අත් වෙව්ලුවා නේද? තාම මං ගාව ඔයා තියලා ගිය උණුහුම තියෙනවා... ඒ කාළේ කොච්චර නම් සුන්දරද එතකොට අපි දෙන්නා විතරයි. මං තාමත් ඒ ආදරයට ආදරෙයි ඒත් ඔයාට වැඩිය මං ආදරේ කරලා වගේ... මගේ හිත‍ට හිතෙනවා. ආදාරේ කියාදුන්න ම‍ට විරහව,වේදනාව, තනිකම ගැන කියාදුන්නේ ඇයි ම‍ට?.... කමක් නැහැ මං දුකින් තනිකමින් හිටියත් ඔයා සතුටින් ඉන්න ඕන ඔයාට තනිකමක් දැනෙන්න එපා.
ඔය ඇස් දෙකෙන් ආයමත් හිනාවෙන්න ඇත්තමයි මම ආසයි බලන් ඉන්න....
ඒත්....
දැන් ‍වසන්නයෙත් ගිම්හානයෙත් ඒ මල පිපෙන්නේ නෑලු.. මගේ හිත කියනවා.... සමහර විට ඇත්ත වෙන්න ඇති.
නැහැ එහෙම වෙන්නේ නැ
කවද හරි ඒ මල පිපේවි.......

24 comments:

  1. ඔව් කවදා හරි මල් පිපේවි....!!!

    ReplyDelete
  2. ඔව්...අනිවාර්යෙන්ම දවසක මල් පිපේවි...
    ඇස් දෙකෙන් ආයිමත් හිනාවෙන්න.......
    බලා ඉන්න පුළුවන් නේද ?

    ReplyDelete
  3. මතකද මගෙ කවි යුගලය, ගිම්හානයට පස්සෙ වසන්තෙ .... එදාට .....

    ReplyDelete
  4. චමි.දේ.වා. ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  5. දිල් ඔව් අපිට බලාපොරොත්තු තියෙනවා ඒවා හදේ තියාගෙන ඉන්න තමයි තියෙන්නේ. කවදා හරි මල් පිපේවි

    ReplyDelete
  6. රවා මට සබැදුම එවන්න මම බලන්න ගියා හොයාගන්න බැරිඋනා

    ReplyDelete
  7. හොඳයි හොඳයි හොඳ ලිපියක් කොල්ලා :) excellent :)

    ReplyDelete
  8. සංවේදී සටහනක්. බලාපොරොත්තු නැති කරගන්න හොඳ නැහැ.

    ReplyDelete
  9. කවදා හරි ඔයා පතන මල් පිපේවි .බලන් ඉන්න

    ReplyDelete
  10. මල පිපෙවි...අනිවා.... හැබැයි කාලයට ටික් ඉඩදී... බලන් ඉන්න වෙවි....

    ReplyDelete
  11. ආදරය කල් පිරෙන්නෙවත් යල් පනින්නෙවත් නැහැ... සටහන සංවේදීයි

    ReplyDelete
  12. විශ්මි, ඒක ඇත්ත ඒත් ආදරය හිමි වීම හා අහිමි වීම තියෙනවානේද?
    මේ පැත්තේ ආවට ස්තුතියි

    ReplyDelete
  13. රවා, කාළයට අපි කොච්චර දේවල් භාරදෙනවද? හැබැයි කාළය හැමදේම විසදන්නේ නැ.
    ස්‍තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  14. ලස්සනයි . . .

    ReplyDelete
  15. කාලයට සුවකරන්න බැරි කැලල් හිටිනවා. ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය, මෙ නමෙ ම ගොඩාක් දෙවල් ලියවිලා තියනවා.

    ReplyDelete
  16. ස්තුතියි රවා ප්‍රතිචාරයට ඔයා කිව්ව දේ හරි කාලය විසින් හැමදේම විසදන්නේ නැ

    ReplyDelete
  17. මට හිතෙනවා, ආදරයක් බලාපොරොත්තුවෙන්, ..නින්ද නැතුව..කටු කාගෙන..සිංදු ලිය,ලිය..හීන මවමින්..ලැබෙයිද, නැද්ද කියලා හිත,හිත....."මං ඔයාට ආදරෙයි"...කියන වචන ටික අහනකන්, මග බලාගෙන ඉන්න කාලය තමයි..ජීවිතයේ , සුන්දරම කාලය...කියලා.

    එහෙම ලබා ගත්ත ආදරය..විඳින අතරම..ඒ ආදරය අපට අහිමි වෙයිද කියන ..බයකුත් එක්ක නේද..ඊට පස්සේ අපි ජීවත් වෙන්නේ.

    මට මෙහෙමයි හිතුනේ ..........මේ සංවේදි සටහන කියෙව්වම.
    ඔයාගේ හිතට..ඉක්මනින්..සැනසුම , ලැබෙන්න..පතන්නම්.

    ReplyDelete
  18. නිල් අහසට..
    ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට...
    අපි ඒ ආදරය ගැන කොච්චර නම් හීන මවනවද? නොලබෙන බව දැන දැනත් අපි ඒ හීනවලට තාමත් ආදරය කරනවා නේද?

    ReplyDelete