Pages

Sunday 1 April 2012

රුවල් ඉරී ගිය නෞකාවේ


මේ ක්‍රි.පූ 103 වන සියවසයි. අනුරාධපුර වළගම්භා රජ ද‍වසයි. සොලීන් වෝලයන් රාජ්‍යය ආක්‍රමණය කරයි. රජු පලා යෑමට තීරණය කරයි. අනුලා හා සෝමා දේවියත් පුතුන් දෙදෙනාත් කැටුව රජතුමා රජ වාසලින් නික්මෙයි. සෝලීන් සේනා පිරිස නික්ම යන රථය ලුහුබදියි. රජතුමා වේගයෙන් රථය පදවයි. රථයේ පිරිස වැඩි හෙයින් වේගය අඩාල වන බවයි. මේ ගෙවීයන්නේ තීරණාත්මක මොහොතක්, සෝමා දේවියට මේය අවබෝධ වේ.

රුවල් ඉරී ගිය නෞකාවේ
නියුමුවානෙනි
නොගිළී දළ රළ ‍පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට

සොලීන් ළං වන බව දත් සෝමා දේවිය, මෙ‍තෙක් තමාත් රටවැසියාත් රැකබලාගත් මේ යුග පුරුෂයා රැකගනුවස් රථයෙන් ‍බැසීමට තීරණය කරයි. ඉක්මයත් ඈ සොලීන්ට භාර වෙයි.

දෝතට එක් කළ ‍වැහි දිය පොවමින්
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැකගත යුතු වේ අද දින
දිය‍‍‍‍ෙඕ නවතිමි යනු මැන පෙර මග තනිවම

සුන්බුන් නැව් බද දියබත් වී යයි හෙමිහිට
අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය ගැඔරට
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට

රජතුමා සොලීන්ගෙන් බේරී පලා ගොස් දොළොස් වසරක් සැගව සිට සේනා සංවිධානව, සොලීන් ‍හා යුද්ධ කොට නැවත රජ විය. පසුව තම දිවිය රැක දුන් වීර සෝමා දේවිය සිහිවනු පිණිස ඈ සොලීන්ට භාර වු භූමියෙහි සෝමාවතිය නමින් චෛත්‍යය කරවීය.

.................

මෙය මා ස්පර්ෂ කළ තවමත් රස විදින ම‍හා වු නිර්මාණයකි. හෙළ වීර කාන්තාව සෝමා දේවිය ගැන අළලා මේ ගේය පද රචනය සුනිල් ආරියරත්න‍‍යන් විසින් නිමවූවකි. සංගීත නිර්මාණය රෝහණ වීරසිංහයන් විසිනි. මිහිරි වු ගායනය නන්දා මාලීනියන් විසිනි.

ගීතය රසවින්දනයට,





4 comments:

  1. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි
    ගැබුරු තේරුමක් තියනවා මේ පද පේළිවල

    ReplyDelete
  2. මෙක විප්ලවයට සම්බන්ද තෙරුමකුත් තියනවාලු නෙද... එ කියන්නෙ විප්ලවය අතහරින්න කියනවා වගෙ.. තෙරුමක්.. මන්දා මට යන්තමින් මතකයක් තියන්නෙ කොහෙ හරි කියෙව්වා කියලා.. කොහොම උනත් මෙක මගෙත් ප්‍රියතම සින්දුවක්.. ගොඩ කාලෙකට පස්සෙ ඔයාව දැක්කෙ

    ReplyDelete
  3. නොදන්න කමට අහන්නේ.. දැන් ඔය කියන විදියට මාර ගැටලු ගොඩක් මැද්දෙ තමයි මේ දෙන්න ජීවත් වෙලා තියෙන්නෙ.. ඉරුණු රැවල් රෙදි දවටා සදමින් උණුසුම.. කියන එකෙන් ඒක පැහැදිලියි. අනික තමයි මේ කතාව පදනම් කරගෙන ගීතය ලිවුව ‍නම් මේ තරම් දක්ෂ පද රචකයෙකුට ඇයි බැරි වුනේ එක වදනයකින්වත් ඉගියක් දෙන්න.. මම කියන්නෙ ගීතයෙන් ඉගියක් වත් ලැබෙන්නෙ නැත්තම් නිකං කොහෙවත් යන කතා ගීතවලට ඈදන එක හොද දෙයක් නෙවෙයි. මම සරල උදාහරණයක් කියන්නම්කො.. බුදු අම්මෝ... කියල ගෑනු කෙනෙක් කෑ ගහනවා.. වෙන කිසිම ඉගියක් නෑ මොකක් ද මේ කෑගැහිල්ල කියල දැනගන්න.. දැන් ඉතිං ඉන්න විචාරකයෝ විවිධ දේ කියනවා..

    1. මේ ගෑනු ළමයව දූෂණය කරන්න කෙනෙක් එන්න ඇති.
    2. හොල්මනකට බය වෙන්න ඇති.
    3. සතෙක් කන්න ඇති
    ආදී වශයෙන් විවිධ දේ හිතන්න පුළුවන්.. ඒත් මොකද වුණේ කියල තහවුරු කර ගන්න බෑ.. සමහර ගීත ගැන විචාරකයෝ කියන කට්ටියත් කියන්න මේ වගේ කතා තමයි..

    ReplyDelete
  4. සුන්දර මනසකින් සිතා ගීත පදවැල හි නිර්මිතිය හා සබැදිව විචාරය කළෙමි. සුන්දරව සිතා රසවීදීමට පමණි.

    ReplyDelete