Pages

Saturday 27 February 2010

නුඹට බැදුනු ප්‍රේමයේ නමින්...


ජීවිත පවුර සිද බිද දා නුඹ යන්න              ගිහින්
කදුල ඉතිරිකර සිනහ‍ව නුඹ රැගෙන         ගිහින්
විරහව ‍ම‍‍ට දී ‍ආදරය නුඹ දිනා                  ගිහින්
හිරු සදු නොමැති ලොවක් මට ඉතිරි කර ‍ ගිහින්

පෙර භව‍යක ඔය නෙතු ළ‍ග මං දැවෙටෙන්න  ඇති
ඔය සුසුමන් පසුපස ‍මා එන්න                        ඇති
මේ භවයෙදි හමුවෙන්නට පිං මදිවෙන්න       ඇති
දුක විතරක් මට උරුම වෙන්න                       ඇති


ජීවිතය කදුලකි අද දින මට     විදින්නට

ආදරය මහමෙරකි නුඹ එය    නොදැනුවට  

නික්ම ගිහින් සිව් අවුරුදු         පිරුනාට

මතකය ඉකිබිදියි හිත ළග      තනිකමට



සදු තරු මැද අපේ ආදර මතකය     වියැකෙනවා
ලියලා නොගියත් සෙනෙහස        ඉපැදෙනවා
පැතු පැතුම් සිහින ලොවත්            සිහිවෙනවා
කදුල උනත් මට සිනහ‍වම නුඹට    පතනවා

නුඹට බැදුනු ප්‍රේමයේ නමින්...

22 comments:

  1. ආ අයියා කවුද මේ කවි පන්තිය ලිව්වේ

    ReplyDelete
  2. මමයි ලිව්වේ මල්ලි ඇයි සිතිජ මල්ලි එහෙම ඇහුවේ

    ReplyDelete
  3. @ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය: නෑ මම හිතුවේ නෑ අයියාට මෙච්චර ලස්සනට සින්දු ලියන්න පුළුවන් කියලා. නියමයි. මම ඔබට සුබ පතනවා!

    ReplyDelete
  4. Kawiya liwe Oyada... Lassanai . athakota Chithre ande kawda .. Aka nam godak Lassanai.

    Wath

    ReplyDelete
  5. Wath ස්තුතියි ප්‍රතිචාරයට. කවිය ලිව්වේ මං සිතුවම මගේ යාලුවෙක්ගේ

    ReplyDelete
  6. @ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය:

    ආ මට තව එකක් කියන්න බැරි වුණා මේකෙ තියෙන පින්තූරෙත් ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  7. හ්ම්, සයිබර් අවකාශයේ තවත් එක් විරාහා කාරයෙක් :D
    මම මේ කවිය කියෙව්වෙ නැ මචන් :D දැක්ක ගමන් හිතාගත්තැහැකි :P

    ReplyDelete
  8. කවිය කියෙව්වනම් තමයි හොද... ආගමනයට ස්තුතියි. විරහව අපි කාටත් පොදු දෙයක් කියලයි මම හිතන්නේ

    ReplyDelete
  9. අනේ කරුණාකරලා අකුරු පොඩ්ඩක් ලොකු කරන්න පුලුවන්ද....? හතලිස් ඇඳිරිය හන්දා පේන්නේ අප්පා... කලු එකේ සුදු අකුරු හින්ඩහ්ත් තරමක් අමාරුයි... මනවා හරි පිළියමක් කරන්න බැරිද ආයුබෝවං අපි වගේ අය ගැනත් සලකළා...

    ReplyDelete
  10. ඔබේ අදහසට ස්තුතියි අකුරු ටිකක් ලොකු කරන්නම් තේමාවත් අපහැදිලි නම් වෙනස් කරන්නම්

    ReplyDelete
  11. ඇගේ නික්ම යාම ඔබට කොයිතරම් දුකක් ගෙන දුන්නාදැයි කියල කවි පන්තියෙන් ලස්සනට කියල තියෙනව.

    ReplyDelete
  12. කවියත් සිතුවමත් අපූරුයි.

    ReplyDelete
  13. isimbuwa ස්තුතියි ඔබට ප්‍රතිචාරයට

    ReplyDelete
  14. ලස්සනයි කවියත් සිතුවමත් දෙකම..... තව ලියන්න.......

    ReplyDelete
  15. මම කවදත් උඹේ සිතුවම් වලට ආසයි බන්.
    එල. කියලා වැඩක් නෑ...

    /බිඟුවා...!

    ReplyDelete
  16. ස්තුතියි බිඟුවා. කීපදෙනෙක්ගේ සිතුවම් මෙතන තියෙනවා

    ReplyDelete
  17. හරිම ලස්සනයි..

    ReplyDelete
  18. Ansh Lucky Sri Jay හුග කාලෙකින් මේ පැතතේ ආවේ, ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete