Pages

Thursday 5 August 2010

ආයෙත් ක‍වදාද එන්නේ

මේ නිශාන්තයයි
එන්න අපි ඇවිද යමු
රොබරෙසියා මල් මාව‍තේ
මල් තුහින වැස්සේ තෙමෙන්න
ඇවිත් මා ළග නවතින්න
මුමුණන්න ආදරයෙන්
ඈත ඉදන් එන සමනලුන් ගැන
ඈතින් පේන හන්තාන කදු‍වැටිය ගැන
අපේ ආදරය වගේ ගලන ම‍හවැලිය ගැන
කියන්න මට
ආයෙත් ක‍වදාද එන්නේ.............

8 comments:

  1. ලස්සන පද පෙළක්.....

    ReplyDelete
  2. මහවැලිය ඉරිතලා ඇත,
    මල් පඳුරැ වියලී වැටී ඇත,
    හන්තානට උඩින්...
    ලපලු පත් විසිරැවාගෙන
    අලුත් වැස්සක් අරන් ආවොත්....

    මහවැලිය යලි ගලනු ඇත,
    රොබරෝසියා මල්ද හිනැහෙනු ඇත....
    නුඹේ සිනහව ලොව දකිනු ඇත...

    ගොඩක් කාලෙකින්. ලස්සනයි මචං

    ReplyDelete
  3. Shadow/හේමලයා
    ස්තුතියි ඔබේ ප්රාතිචාරයට.

    හෙළයා
    විවේකය කියන දෙය දැන් හරිම අඩුයි.... සහෝදර නිර්මාණ කියවීමත් මගහැරුණා.....
    ප්රේතිචාරය අගෙයි

    ReplyDelete
  4. ඇත්තටම අපූරුයි..!!

    ReplyDelete
  5. Ansh Lucky Sri Jay
    ස්තුතියි මේ පැත්තේ ආවට.........

    ReplyDelete
  6. ඔබව හොඳටෝම මඟ හැරී ගියා නෙව...
    කාර්‍යය බහුලයි වාගේ නේ....
    ඉස්සරනම් අපේ ගෙවල් පැත්තේ කමෙන්ටුවක් වරදින්නේම නෑ ඔබෙන්... පසුගිය නිවාඩුවට හමුවෙමු කීවත් මඟහැරුනා... සමාවෙන්න... දෙසැම්බර් වල හමුවෙමු...

    ReplyDelete
  7. ඉතින් මිත්‍රයා. මමත් ආවෙ කාලෙකින් ඔබව මතක් වුණා. සින්ඩිය පැත්තෙ යන්න වෙලාවක් තිබුනෙ නැහැ. නමුත් ඔයාගෙ අන්වර්ථ නාමය මතක තිබිලා මෙතනට ආවෙ. ඉඩක් ඇති වෙලාවක ඇවිල්ලා සටහනක් දාලා යන්න. ගොඩාක් දවසකින් දැක්කෙ නැහැ ඔයාව.

    ReplyDelete
  8. තිස්ස දොඩන්ගොඩ, ර‍වා, ස්තුතියි මේ පැත්තේ ආවට........
    ඇත්තට‍ම මට දැන් කාළය නැහැ ‍මේ දේවල් වල‍ට.
    පුලුවන් හැම වේලාවේම ඔයාලගේ ලිපි කියවනවා

    ReplyDelete