Pages

Thursday 18 March 2010

කෑලි වල‍ට කැඩුනු මගේ හදවත.....


කෑලි වල‍ට කැඩුනු මගේ හදවත.....
ජීවිතය හැම මොහොතකම ගෙවනවා. ඒත් අපි‍ට නොදැනීම ඒ ගෙවෙන ජීවිතේ අපිට දැනෙන එකම දේ දුක සතුට විතරයි. මාස ගානක නියගයකින් පස්සේ අද හීන් පොදක් වැටෙනවා හරියට බිදී ගිය හද‍‍වත් වලට ආයෙමත් පණ දෙන්න වගේ. ඒ වැහි පොද නිසා අද ටිකක් සීතලයි. ම‍ට වගේම නුඹටත් පාඵ ඇති.  එළිය‍ට ගිහින් අහස දිහා බලන් ඉන්න ‍හිතෙනවා... සමහර විට කාමරේ පුංචි කවුලුවෙන් ඔ‍යත් තරු පායලා තියෙන අහස දිහා බලා‍ගෙන ඇති. රැ අහසේ ඔ‍බේ ඇස් වගේ නිල්පා‍ටට දිලිසෙන ලස්සන පුංචි තරුවක් දිහා බලන් ඉන්න මං ආසයි.. ම‍ට පාඵව තනිකම දරාගන්න අමාරුයි මේ හීතලට මාව ගල් ගැසෙවි. මේ හිරිකඩ වැස්ස,‍වැහි බිදු මගේ හදවතේ ඇතුළටම  වැටෙනවා. ඔයත් එක්ක මේ පුංචි කවුලුව ළගට වෙලා අහස දිහා බලන් ඉන්න ඇත්නම්... මගේ ඇස් බොදවේගෙන එනවා.  තව ටිකකින් ඒ තරුව නොපෙනි යාවි ඒ තරමටම මගේ ඇස් වල‍ට කදුලු උනයි.
මට එක දෙයක් කියලා දෙන්න ඇයි මං ඔයා ගැන මෙච්චර හිතන්නේ? මේ හිතන හැම සිතුවිල්ලකටම අයිති සෙනෙහස ‍මේ පුංචි රටේ කොතැනක ඔයා හිටියත් ඔයා‍ව හොයාගෙන ඒවි. ගෙවුනු සංසාරේ  පුරාවට අපි එකට ඉන්න ඇති ඒ පුරුද්දට මට ඔ‍යා ගැන හිතෙනවා ඇති.....
ඒත් මට එහෙම හිතුන‍ට ඔයාට එහෙම මං ගැන හිතනේ නැ දැන්. ‍ඉස්සර ඔයාගේ ජිවිතේ වැඩියෙන්ම ආදරේ කරේ ම‍ට මම එතකොට ඔයාගේ හදවතේ පළවෙනියා ඒත් අද මං ජිවත් වෙන‍‍‍වද කියලවත් ඔයා දන්නේ නැ ඇයි අපිට දෛව‍ය සරදම් කරේ...
වැහි පොද හයියෙන්ම වැටෙනවා මගේ ඇස් දෙකේ කදුලු පිරිලා මේ කදුලු මේ ‍වැහි පොද‍ට එකතු වෙලා ගලාගෙන ගිහින් ඔයාගේ දෙපෙතුල ගාවට ඇවිත් ජීවිතය ඉල්ලයි ඔයාගේයි මගේයි වටිනා ජීවිතය..... ඔයාට අමතකයි ම‍ට ඔයා වාරු දෙන එකක් නැ....
කියන්න මට අන්තිමට මොනාද ඉතිරි උනේ... ඔයාගේ අතීත සුවදයි කවදාවත් එකතු කරන්න බැරි කෑලි වල‍ට කැඩුනු මගේ හදවතයි නේද?

18 comments:

  1. හ්ම්ම්ම්ම්ම්! හුගාක් සංවේදි සටහනක්....
    සැබෑවට ආදරේ කරන හැමෝටම අන්තීමට ඉතුරු වෙන්නේ මේ තරම් දුකක්ද ?

    ReplyDelete
  2. මං හිතන්නේ අන්තිමට අපේ හදවතත් අපිට නැතිවෙනවා ඒත් ඉතින් අමාරුවෙන් දුක් විදලා ආය හදාගන්න ඕන...
    ස්තුතියි දිල්ට

    ReplyDelete
  3. සටහන හුඟක් සංවේදියි සහෝ...... හදවත කෑලි වලට කැඩුනත් ජීවිතේ විසිරෙන්නෙ නෑ...... ටිකෙන් ටික ඉස්සරහට යද්දි හදවතේ කෑලිත් ආපහු එක්කහු වෙයි......

    ReplyDelete
  4. විශ්මි.. අපි කොහොම හරි ඒ දේ කරන්න ඕන නැත්නම් ඉතින් ජීවත් වෙන්නේ බැනේ

    ReplyDelete
  5. එක ජීවිතයක් වගේ ජීවත් උන අය කාලයක් ඇවෑමෙන් මගතොටදි දැක්කත් උදුනන්නෙ නැති තත්ත්වෙට පත් වෙනව.

    ජීවිතේ සමහර තැන් වලදි නවතින වෙලාවල් තියනවා. ආපසු හැරෙන්න බැරි තරම් දුරක් ඇවිත් කියල හිතෙන අවස්ථා තියනව.

    ජීවිතේ අලුතින් පටන් ගන්න අපි කොයිම වෙලාවකවත් ප්‍රමාද නැහැ මිත්‍රයා.

    ආදරය නින්දක්ද පිබිදිලා සිටින මට
    දිනෙන් දින මගේ නෙත් පැහැදුල්ය සුවිපුල්ය
    නින්ද තුළ නැති උනේ එක දෙයයි වරදක්ද
    තව බොහෝ දේ තිබේ ජීවිතේ ජය ගනිමි
    -පරාක්‍රම කොඩිතුවක්කු

    ReplyDelete
  6. ආදරේ කියන්නේ දුකක් විතරයි නේද

    ReplyDelete
  7. Raven ඔයා හරි ජීවිතේ අපි අලුතින් පටන් ගන්න ඕන... ඒත් අතීතය ඒ මතකය ඒ සුවද අපිට අමතක කරන්න බැ.. බිදී ගිය හදවත එකතු කරන්න කොච්චර කාළයක් යයිද ම්ත්‍රයා අපිට?

    ReplyDelete
  8. kanchana waduge ඔව් ආදරය ඇතුලේ දුක අනිවාර්යෙන්ම තියෙනවා ඒත් ආදරය අපිව දාලා ගිය දවසට ඒ දුක අපිට සදාකාලයටම උරුම වෙනවා

    ReplyDelete
  9. හරිම සංවේදි සටහනක්.... සමනලීට කියන්න වෙන්නේ මෙහෙමයි
    "සැබෑ ආදරේ අමරණියයි.... ඔය කැඩුනු හදවත් කෑලි අතරෙත් ඒ ආදරේ තාමත් ජීවත් වෙනවා... එයා ඔයාව අමතක කලාට ඒ හදවත‍‍ට ආදරේ අමතක කරන්න බෑ...."

    ReplyDelete
  10. මචං මමත් උබෙ ගොඩෙම තමයි... සංවෙදි අවයව ගොඩක් අඩු කරා සිද්දියෙන් පස්සෙ... ඔය කැලි වලට කැඩුණු දෙවල් ගැන හිතෙ තියන දෙවල් බෙදා ගන්න ගමන්.. හිතෙ තියන සතුටත් අපි බෙදා ගමු... ටික දවසයි ජිවත් වෙන්නෙ... අපි මෙතනින් යද්දි අපිට දැනෙන්න ඔනා අපිත් මොකක් හරි දෙයක් කරා කියලා බං... මම ත් ගණිතය තමයි කරෙ.. තර්කයටම ගිහිල්ලා මට අමතක වුනා මම කොච්චර එයාට ආදරෙයි ද කියලා කියන්න... එක එයා තෙරුම් ගන්න කොට මම ගොඩක් දුර ගිහිල්ලා..ඈත ඉදන් අදටත් එයාව දකිද්දි මට මතක් වෙනවා.. එයා වෙනුවෙන් මම කරපු දෙවල්.. කමක් නැහැ සංසාරෙ ගෙනාපු නයක් ගෙවලා දැම්මා... දැන් හරි පිට් එකෙ ඉලඟ පොස්ට් එක ලියපන්... අපි අපි ගැන බලන් ඉමු...

    ReplyDelete
  11. ඇත්ත..ගොඩක් සංවේදියි...මිත්‍රයා.
    ඔච්චර ලස්සන හිතකට..ඒ වගේ ලස්සන ආදරයක්, ලැබිලා...බිදුනු හිත සුවපත් කරාවි...

    ReplyDelete
  12. punchisamanalee, මාත් හිතනවා ඔයා කියන ඒක හරියි කියලා ඒත් ඒක සාපේකෂයි මතකය ඉතුරු වෙයි ආදරය අමතක වෙයි. ස්තුතියි අදහසට.

    රවා, "සංවෙදි අවයව ගොඩක් අඩු කරා සිද්දියෙන් පස්සෙ..." ඒක නම් හොද වැඩක් නෙමෙයි සංවේදි කම හරිම වැදගත් මනුස්සයෙක් වෙන්න..
    හැමදාමනම් ජීවත් වෙන්නේ නැ ඕක ඉතින් හැමෝටම තේරෙන්නේත් නැනේ...
    අපිට මෙහෙම හරි මිනිස්සු ටිකක් ඉන්න එක කොච්චර දෙයක්ද...
    ස්තුතියි රවාට.

    - නිල් අහස -, එහෙම හිතන්නත් බැ වගේ... ආදරේ තිබිබට මදි මනුස්සකම නැතිඋනොත් ඒත් වැඩක් නැනේ. ස්තුතියි ඔයාටත්.

    ReplyDelete
  13. කො ඉලඟ පොස්ට් එක...

    ReplyDelete
  14. ලියන්න වේලාවක් නැ රවා ඉක්මනටම දාන්නම් ස්තුතියි දිරියට

    ReplyDelete
  15. හුඟක් දේවල් හිතෙනවා මිත්‍රයා. ලියන්න අමාරැයි. හිතට ගොඩක් දැනුනා කියලා විතරක් කියන්නම්

    ReplyDelete
  16. මොකද මෙ.. දැන් කාලයක් වෙනවා.. මුකුත් සද්දයක් බද්දයක් නැහැ... වැඩ වැඩි ඇති නෙද.. හරි කමක් නැහැ.. මම මෙ ලගින් යන ගමන් ආවා ඔයගෙ බ්ලොග් එකත් බලලා යන්න.. නිවඩු පාඩු වෙලාවක් බලලා මොනවා හරි පොඩ්ඩක් ලියලා දාන්න..

    ReplyDelete
  17. adare mulu jeewithema karagaththama ohoma thama.

    ReplyDelete
  18. හෙළයා, ජයනි ස්තුතියි ප්‍රතිචාරයට
    රවා... ඔන්න අද ලිපියක් දැන්මා නිතරම ඇවිත් හොයලා බලනවට ස්තුතියි දිරියටත් ස්තුතියි බ්ලොග් එක පැත්තේ ඇවිල්ල යන්න ඕන ඔබේ අලුත් ලිපි කියවීම මගහැරුනා

    ReplyDelete